ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ සාමාජිකයින් අටදෙනකු මියගොස් තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නවදෙනකු සිටි බවත් ෂර්ම් එල් ෂෙයික් අසල දෛනික මෙහෙයුමකින් පසු පහලට බසින විට යානය අනතුරට පත්වූ බවත් නිරීක්ෂකයෝ පවසති.
මියගිය අය අතර ප්රංශ ජාතිකයෙකු, චෙක් ජාතිකයෙකු සහ ඇමරිකානුවන් හය දෙනෙක් සිටිති.
අනතුරින් එක් ඇමරිකානුවෙකු දිවිබේරාගෙන ඇති අතර ඔහු ඊශ්රායල රෝහලකට ගෙනගිය බව බලධාරීහු පවසති.
ඉස්ලාම් රාජ්ය සංවිධානයට අයත් ජිහාඩ් සටන් කාමීන් සිනායි අර්ධද්වීපයේ ක්රියාත්මකව සිටින නමුත් බලධාරීන් පවසන්නේ අනතුරට හේතුව කැරලිකරුවන්ගේ ක්රියාවක් නොවන බවයි.