-1 C
New York

IMF ප්‍රගතිය ඉහළට

Published:

ජාත්‍යන්තර මූල්‍යආයතනය සමඟ එකඟ වී ඇති කැපවීම් සම්පූර්ණ කිරීමේ දී ඔක්තෝබර් මාසය අවසානයේ ශ්‍රී ලංකා රජය අත්පත් කරගෙන තිබූ තත්වයට වඩා නොවැම්බර් මාසය අවසානය වනවිට ප්‍රගතියක් දක්නට ලැබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් පවත්වාගෙන යන IMF මීටරය පෙන්වා දෙයි.

2024 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යටතේ ඇති ආධාරක වාර්තා කිහිපයක් ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ විනිවිදභාවය ඉහළ ගොස්ඇත.

මින් පෙර අවස්ථාවල ‘නොදනී’ යැයි වර්ග කර තිබූ කැපවීම් 06ක ප්‍රගතිය ගැන තොරතුරු, මෙසේ ප්‍රසිද්ධියට පත්කර ඇති ආධාරක වාර්තාවලින් ලැබී තිබේ. ඒවායින් 5ක් දැන් ‘ඉටුකර ඇත’ යැයි ද, එක් කැපවීමක් – එනම් බදු ආදායම් ඉලක්කය සපුරා ගැනීමේ කැපවීම – ‘ඉටුකර නැත’ යැයි ද, IMF මීටරයෙන් නැවත වර්ග කර ඇත.

IMF වැඩසටහන යටතේ නොවැම්බර් මස අවසන් කළ යුතුව තිබුණු කැපවීම් 73කින්, 12ක් ‘ඉටුකර නැත’ ලෙසත්, 15ක් ‘නොදනී’ ලෙසත්, 46ක් ‘ඉටුකර ඇත’ ලෙසත් IMF මීටරයෙන් වර්ග කර තිබේ. ඒ අනුව, නොවැම්බර් මස අවසන් කළ යුතුව තිබුණු කැපවීම්වලින් 63%ක් මේ වන විට සම්පූර්ණ කර අවසන් ය. තත්ත්වය එසේ වුවත්, ශ්‍රී ලංකාවේ සමස්ත කාර්යසාධනය ගැන සතුටුවීමට හැකියාවක් තවමත් නැත.

දෙවෙනි වාරිකය ගැන ඡන්දය හෙට

ණය මුදලෙහි දෙවනි වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය හෙට (12) සිදුකරණු ඇත. මෙම වාරිකය ලැබීමට තිබුණේ ගෙවුණු සැප්තැම්බර් මාසයේ ය. වාරිකය නිදහස් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යොමුකර ඇති ඉල්ලීම යටතේ කැපවීම් සංශෝධනය වීමට සහ කාලරාමු වෙනස් වීමට ඉඩ තිබෙන අතර, IMF මීටරයත් එම වෙනස්කම් අනුව යාවත්කාල කෙරෙණු ඇත.

IMF මීටරය යනු ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක 17වෙනි IMF වැඩසටහන ආරම්භයේදී ම එහි තිබී හඳුනාගත් කැපවීම් 100ක් නිරීක්ෂණය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වේදිකාව වේ. ප්‍රවේශය- https://manthri.lk/en/imf_tracker

Related articles

Recent articles

spot_img