spot_img
spot_imgspot_img

පාසල් 3,000ක් මාරක ස්ථාන

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ඇති පාසල් අතරින්, පාසල් 3,000ක් පමණ ළමයින්ට මාරාන්තික ස්ථාන බවට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසයි.

එම පාසල්වල කඩා වැටීමට ආසන්න අබලන් ගොඩනැගිලි, නායයාමේ අවදානමක්  සහිතස්ථාන, කඩා වැටීමේ අවදානමක් සහිත තාප්ප සහ ගස් තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

නමුත් මේවා ප්‍රතිසංස්කරණය කිරීමට හෝ ඉවත්කිරීමට කිසිම පියවර ගෙන නැතැයි ද අනාරක්ෂිත ගස් කපා දැමීමටවත් මේ දක්වා පියවර ගෙන නැතැයි ද ස්ටාර්ලින් කීවේය.

අධ්‍යාපන අමාත්‍යාංශය වසර පහකට වරක් මෙවැනි අවදානම් පිළිබඳ වාර්තාවක් පාසල්වලින් ලබාගන්නා අතර සෑම පාසලක් සඳහා ම වසරකට වරක් සංවර්ධන සැළැස්මක් ද ඉදිරිපත් කරයි.

2023 වසර ඇතුළුව ගෙවුණු අවුරුදු තුන තුළ අවදානම් පාසල් නඩත්තුවට මුදල් වෙන්කර නැත. එමෙන් ම 2024 අයවැයෙන්ද ඊට මුදල් වෙන් නොමැති බව පෙනී යයි

ජෝසප් ස්ටාර්ලින් පවසන්නේ මෙය ජාතික පාසල් සහ පළාත් සභා පාසල් යන සියල්ලට ම පොදු ගැටලුවක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!