spot_img
spot_imgspot_img

විවාහය කරදරයි ද ? දික්කසාදයට පහසු ක්‍රමයක් එයි

පුවත්

විදෙස්

දික්කසාද ලබා ගැනීම වඩාත් පහසු කෙරෙන පනත් කෙටුම්පත් තුනක් ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

විවාහ පිළිබඳ පනත, විදේශ දික්කසාද විනිශ්චයන් පිළිගැනීමේ පනත සහ සිවිල් නඩුවිධාන සංග්‍රහයේ සංශෝධනයක් මගින් දික්කසාදය ලබා ගැනීමට දැනට දැඩි ලෙස සීමා කෙරෙන යල් පැනගිය නීති මේ යටතේ රැඩිකල් ලෙස ප්‍රතිසංස්කරණය කෙරෙනු ඇතැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පැවසීය.

දැනට, දික්කසාදය ඉල්ලා සිටින අය තුන්වන පාර්ශවයක් සමඟ කලත්‍රයෙකු විසින් අනාචාරය, ද්වේෂ සහගතව හැරයෑම හෝ විවාහ වන අවස්ථාවේදී බෙලහීනත්වය යන කරුණු තුනෙන් එකක් උසාවියේදී ඔප්පු කළ යුතුය.

දික්කසාදය සඳහා ගොනුකරන පුද්ගලයා මත බර අධික වන අතර, හේතු සාධක ඔප්පු කිරීම අතිශයින් දුෂ්කරය.

සමහර දික්කසාද නඩු වසර 10-20 දක්වා ඇදී යන බව අධිකරණ ඇමැතිවරයා පැවසීය.

කෙසේවෙතත් විවාහ පිළිබඳ පනත, දික්කසාදය සඳහා “වරදක් නොමැති පදනම” හඳුනා ගනී.

ඒ අනුව කුමන හේතුවක් නිසා හෝ විවාහයක් “ආපසු හැරවිය නොහැකි ලෙස බිඳ වැටී ඇති” බවත් දෙපාර්ශවයටම සාමකාමීව තම විවාහ ජීවිතය කරගෙන යෑමට නොහැකි බවත් අධිකරණයට ඒත්තු ගියහොත් අධිකරණයට දික්කසාදයක් ලබා දිය හැකිය.

දික්කසාදය හැරුණු විට, විවාහකයන් එක් අයෙකු හෝ දෙදෙනාම වයස අවුරුදු 18ට අඩු වීම වැනි හේතු නිසා විවාහ අවලංගු කළ හැකිය.

විවාහය විසුරුවා හැරීමකින් තොරව කලත්‍රයින්ට වෙන්වීමක් ඉල්ලා සිටිය හැකි අතර, එය වත්මන් නීති යටතේ ද පවතී.

අඹුසැමියන් අතුරුදන් වූවන් සඳහා දික්කසාදය පහසු කිරීමට නව නීති සම්පාදනය කරනු ඇත.

සාක්‍ෂි ආඥා පනතේ 108 වැනි වගන්තිය යටතේ යම් පුද්ගලයකු වසරක්‌ අතුරුදන් වී ඇත්නම් ඔහු හෝ ඇය මියගොස්‌ ඇති බවට උපකල්පනයක්‌ ඇත.

ඒ අනුව දික්කසාදය ඉල්ලා සිටින අයකුට පුවත්පත්වල දැන්වීමක් පළකරමින් සහකරු හෝ සහකාරියට නියමිත දිනයක අධිකරණයේ පෙනී සිටින ලෙස හෝ තමා ජීවතුන් අතර සිටින බවට සාක්‍ෂි ඉදිරිපත් කරන ලෙසට දැන්වීමක් පළකළ හැකිය.

ඔවුන් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් සහ ඔවුන් ජීවතුන් අතර සිටින බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකළහොත් දික්කසාදය ලබා දෙනු ලැබේ.

විවාහයක් නිෂ්ප්‍රභ කළද එවැනි විවාහයකින් බිහිවන දරුවන්ගේ සුජාතභාවය ආරක්ෂා වනු ඇත.

මෙමගින් දේපළ නිරවුල් කිරීම සහ බාලවයස්කරුවන්ගේ නඩත්තුව වැනි ගැටලු ආවරණය කෙරේ.

වයස අවුරුදු 18ත් 21ත් අතර වැඩිහිටි දරුවන්ට ඔවුන්ගේ නඩත්තු හා අධ්‍යාපන වියදම් පියවාගැනීම සහතික කිරීම ද ආවරණය කෙරේ.

උසාවියට ඔවුන්ගේ වත්කම් සහ ආදායම අනුව, විවාහක එක් අයකු හෝ දෙදෙනාටම ගෙවීමට නියෝග කළ හැකිය.

විදේශගතව සිටියදී අතුරුදන් වූ අඹුසැමියන්ගෙන් දික්කසාද වීමට බලාපොරොත්තු වන අයට අධිකරණයේ දිවුරුම් ප්‍රකාශයක් ගොනුකර තම සහකරුවා වෙනුවෙන් සිතාසියක් ලබාගැනීමට හැකි වන අතර එය පුවත්පතක පළකළ හැකිය.

නියමිත දිනට සහකරු හෝ සහකාරිය උසාවියට පැමිණීමට අපොහොසත් වුවහොත්, සිතාසිය භාර දුන් බව සළකනු ලබන අතර, ඔහු හෝ ඇය නොමැතිව නඩුව දිගටම කරගෙන යා හැකිය.

විදේශීය දික්කසාද විනිශ්චයන් පිළිගැනීමේ පනත යටතේ, ශ්‍රී ලංකාව තුළ විදේශීය අධිකරණ මගින් ලබා දෙන දික්කසාදයන් පිළිගනු ලැබේ. ශ්‍රී ලංකාවේ අධිකරණ බලය පිළිගත් රටවල් ගැසට් කරන අතර එවැනි රටවල අධිකරණයකින් දික්කසාද වූ අය තීන්දුවේ සහතික පිටපතක් ඉදිරිපත් කළයුතු අතර එය රට තුළ ලියාපදිංචි කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!