-2.5 C
New York

පැය 07ක්, රට අඳුරට ගියේ ඇයි ?

Published:

හදිසියේ ම විදුලි බිඳවැටීමක් හේතුවෙන් ඊයේ (09) සවස 05.10 සිට මධ්‍යම රාත්‍රී 12.20 දක්වා පැය 07කට වැඩි කාලයක් රටේම විදුලිය නොමැති තත්වයක් උදාවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මෙම විදුලි විසන්ධිවීම හේතුවෙන් ජන ජීවිතය අඩාලවූ අතර රටේ ආර්ථිකයට ද විශාල පාඩුවක් සිදුවිය.

විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසන්නේ කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණ පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් විදුලි බිඳවැටීම සිදු වූ බවයි.

විදුලිය බිඳවැටී පැය තුනක පමණ කාලයක් ගතවන විට පියවරින් පියවර රටේ ප්‍රදේශ වශයෙන් විදුලි සැපයුම නැවත ස්ථාපනය කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබලමණ්ඩලය පවසයි. එසේ වුව ද ලංකාව පුරාම විදුලිය යථාවත්කිරීමට අද (10) අලුයම 12.22 වනතුරු කාලය ගතවී ඇත.

Related articles

Recent articles

spot_img