(වීඩියෝ සහිතයි)
කොළඹ නගරයේ කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීමට ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින අතර හුදකලා ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සහන සැළසීමට මහ නගර සභාවේ සියලු ශක්තිය යොදා ඇතැයි කොළඹ පුරපතිනි රෝසි සේනානායක පවසයි.
ඇය මේ බව කියා සිටියේ ඊයේ (12) කොළඹ මහා නගර සභාවේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
කොළඹ නරගයේ ජීවත්වන අයගෙන් 3410ක් කොරෝනා ආසාදිතයන් බව ඒ වනවිට හඳුනාගෙන තිබිණි. ඉන් 3278 දෙනකු ම මිනුවන්ගොඩ පෑළියගොඩ පොකුර හේතුවෙන් ආසාදිත වූ බව සෞඛ්‍ය අශ කියයි. මේ වනවිට කොරෝනා දෙවැනි රැල්ලට ආදාලව කොළඹ මහ නගර සභාව විසින් සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 13,587ක් වන අතර සමස්ථ පීසීආර් පරීක්සණ සංඛ්‍යාව 20,774කි. කොළඹ මහ නගර සභාව මෙතෙක් කරන ලද පීසීආර් පරීක්ෂණ සඳහා රුපියල් ලක්ෂ 1670ක් වියදම් කර තිබේ. දිනකට පීසීආර් පරීක්ෂණ 1000ක් සඳහා ලක්ෂ 80ක මුදලක් වැය කරයි.
නගරාධිපතිනිය මෙහිදී අදහස් දක්වමින් මෙසේ ද කීවාය.
“ අපි මේ වනවිට තෝරාගෙන තියෙන්නේ කොරෝනා පාලනය කරමින් සාමාන්‍ය එදිනෙදා ජන ජීවිතයත් පවත්වාගෙන යන ක්‍රමය. රටේ ආර්ථිකයත්, ජනතාවගේ ආර්ථිකයත් වෙනුවෙන් එය කළ යුතුයි. නමුත් ගැටලුව තියෙන්නේ කොළඹ මහ නගර සභා සීමාවේ විශාල පිරිසක් මේ වනවිට නිරෝධායනයට යොමුකරලා තිබෙනවා. ඒ වගේම විශාල ප්‍රදේශයක් මේ වනවිට හුදකලා කර තිබෙනවා. මේ ප්‍රදේශවල ඉතාමත් දුප්පත්, අඩු ආදායම් ලාභී, එදාවේල හොයාගෙන ජීවත් වෙන පවුල් 50,000ක් පමණ ඉන්නවා. මෙය බරපතල ගැටලුවක්. කොළඹ දිසාපතිතුමා කියනවා නිරෝධායනය වන පවුල් 9,000ක් සඳහා වියළි ආහාර ලබාදුන් බව. තවත් දෙන්න තියෙනවා. නගර සභාවේ මහජන ආදාර දෙපාර්තමේන්තුව පවුල් 13,000කට වියළි ආහාර දීමට සැළසුම් කරලා දැනටමත් 12,000කට බෙදා දී අවසන්. මෙය ඉතාමත් බරපතල කාරණයක්. මමත් නගර සියළුම නාගරික මන්ත්‍රීවරුත් පිළිගන්නවා මේ ගැන අපි සොයා බැලිය යුතුයි. අපේ වගකිමක් වෙනවා. මේ වෙලාවේ අපි රජයෙන් ඉල්ලනවා මේ ජනතාවට කෙසේ හෝ අවම වශයෙන් රුපියල් 5000.00 බැගින් හෝ දීමනාවක් දෙන්න කියලා. මා ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කරද්දී සියලුම ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීමට කටයුතු කළා. දැන් එය නැවති තිබෙනවා මා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ පෝෂණ මල්ල නැවත ලබා දීමට කඩිනමින් කටයුතු කරන්න කියලා.”
මෙහි දී නගරාධිපතිනිය කියා සිටියේ කොළඹ මහ නගර සභාව මෙවැනි වසංගත තත්ත්වයකට මුහුණ දීමට මුදල් වෙන්කර නොතිබූ බැවින් සභාවේ දෙපාර්තමේන්තු 16ම යම් ඉතිරි මුදලක් තිබේනම් ඒ මුදල් පවා කොරෝනා මර්ධන කටයුතු සහ ජනතාවට සහන සැළසීමට යොදා ගන්නා බවයි.
“අපි දෙන්න පුළුවන් හැමදේම දීලා තියෙන්නේ. රජයෙන් ඉල්ලන්නේ අඩුම ගණනේ හුදකලා කරපු ප්‍රදේශ සඳහා රුපියල් 5000.00ක් හෝ කඩිනමින් ලබාදෙන්න කියා. එදාවේල සොයාගෙන ජීවත්වෙන ගොඩක් දුප්පත් ජනතාවක් මහල් නිවාසවල විතරක් නෙවෙයි වතු ආශ්‍රිතව ජීවත් වෙනවා. ඔවුන් මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ.” නගරාධිපතිනි රෝසි සේනානායක කියන්නීය.
එමෙන්ම ඇය පවසන්නේ කොළඹ නගර සභාවේ සේවකයන් 141ක් මේ වනවිට කොරෝනා ආසාදිත බවයි. එසේ වුව ද අනිකුත් සියලු සේවකයන් අවදානම පවා නොතකමින් පැය 24ම කැපවී සේවය කරන බව ද ඇය කීවාය. නගර සභවේ වෛද්‍ය සායන 27ම දිගටම විවෘතව පවතින බවත් දේශීය වෛද්‍ය සායන 21ත් අඛණ්ඩව ක්‍රියාත්මක බවත් නගරාධිපතිනිය පැවසුවාය. එමෙන්ම සායන මගින් ඖෂධ ලබාගන්නා හුදකලා ප්‍රදේශවල පදිංචිකරුවන්ට නිවසට ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි ද ඇය කීවාය.
නගරාධිපතිනිය පවසන්නේ කොළඹ මහ නගර සභාවේ වෛද්‍යවරු 25ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 45ක් ඇතුළු සෞඛ්‍ය සේවකයන් 600ක් පමණ සිටින බවයි. එසේ වුව ද මෙම වසංගත තත්ත්වය පාලනය කිරීමේ දී අධික ලෙස වෙහෙසී සිටින ඔවුන්ගේ පහසුව සහ සහයෝගය සඳහා විශ්‍රාමික වෛද්‍යවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු මෙන්ම හැකිනම් වෛද්‍ය ශිෂ්‍යයන් ද යොදා ගැනීමට සැළසුම් කර තිබේ.
නගරාධිපතින රෝසි සේනානයක මේ වනවිට කොළඹ නගර සභාව සමග සහයෝගයෙන් කටයුතු කරන විදෙස් නගර සභාවලින් ද සහාය ඉල්ලා තිබේ. ඒ අනුව අවශ්‍ය සෞඛ්යාරක්ෂිත උපකරණ මෙන්ම වියළි ආහාර ලබාදීම මුදල් පරිත්‍යාග ද ඉදිරියේ දී ලැබීමට නියමිත බව ඇය පවසයි. චීනයේ සහ කොරියාවේ නගර සභා කිහිපයක් දැනටමත් මේ සඳහා එකඟ වී තිබේ.
එමෙන්ම නගර සභාව පාලනයේ ඇති මැද කොළඹ රෝහල පීසීආර් පරීක්ෂණ සහ ප්‍රතිදේහ පරීක්ෂණ කටයුතු සඳහා මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට ද මේ වනවිට සැළසුම් කර ඇත.
මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මෙසේ කීවේය.
“මේ වනවිට අප කොරෝනා වසංගතය කොටු කර තිබෙනවා. නමුත් අපි නගර සභා බලප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණවලින් 5% ක ප්‍රමාණයකට කොරෝනා තිබෙන බව තහවුරු වුණා. මෙය තරමක් බැරෑරුම් තත්ත්වයක්. නගරයේ ජනගනය සැළකූ විට කොළඹ නගර සභා සීමාවේ සියයට 5ක් කියන්න් 30,000කට ආසන්න පිරිසක්. ඔවුන් වැඩි දෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ නොමැති වීමත් ආසාදිතයකුගේ ආශිතයන් ලෙස හඳුනාගෙන නොතිබීමත් නිසා ඒ අය තමන්ට කොරෝනා ආසාදනය වෙලා බව නොදැන සමාජයේ සැරි සරනවා විය හැකියි. අපි දැනට කරන්නනේ මේ වයිරසය කොළඹ පැතිරීම වැළැක්වීම හා අන් ප්‍රදේශවලට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම. ඒ සඳහා අපි මුලන් දිනකට කරපු පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 200ක සිට 1000ක් දක්වා වැඩි කළා. අපි දිනපතා ම රෝගීන් හඳුනාගෙන ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන රෝහල්වලට යොමුකිරීම හා නිරෝධායනයට යොමුකිරීම කරනවා. මෙයින් රෝගය පැතිරීම පාලනය කරන්න හැකිවනවා.”
නගරාධිපතිනිය රෝසි සේනානායක මාධ්‍ය හමුව අවසන් කරමින් කියා සිටියේ ද නගරයේ පදිංචි අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියළි ආහාර මෙන්ම අවම වශයෙන් රුපියල් 5000.00ක හෝ දීමනාවක් ලබාදීම කඩිනමින් කළ යුතු බවයි. එමෙන් ම කොළඹ පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකාවේම ගැබිණි මව්වරු සඳහා පෝෂණ මල්ලක් ලබාදීම ද අවශ්‍ය බව ඇය වැඩිදුරටත් කීවාය.
නගරාධිපතිනය පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය හා පරිපාලන කේන්ද්‍රස්ථානය වූ කොළඹ මහ නගර සභා සීමාවෙන් කොරෝනා මර්ධනය කිරීමටත් එහි ජනතාවට පීඩවකින් තොරව එදිනෙදා ජීවිතය ගත කිරීමටත් හැකි උපරිම සහාය මහ නගර සභාව වෙතින් ලබාදෙන බවයි.