-0.7 C
New York

බල්ලන්, බළලුන් නිසා රාජකාරී මඟහරින දොස්තරලාට වැඩ වරදී ?

Published:

තමන්ට පැවරී ඇති නිශ්චිත රාජකාරී පසෙක තිබිය දී බල්ලන් සහ පූසන් වැනි සුරතල් සතුන්ට ප්‍රතිකාර කිරීමට රාකාරී වේලාව යොදාගන්න පශු වෛද්‍යවරුන්ට නව නිර්දේශ ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයාා පශු සම්පත් අංශයට හා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

රජයේ පශු වෛද්‍යවරුන් වැඩි පිරිසක් ගව, මී ගව, එළු හා ඌරන් වැනි පශු සම්පත් වල සෞඛ්‍ය තත්ත්වයන් ගැන සොයා බලනවාට වඩා බල්ලන් හා බළලුන්ට ප්‍රතිකාර කිරීමට වැඩි උනන්දුවක් දක්වන බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ නිසා පශු වෛද්‍යවරු රාජකාරි වේලාවන් වලින් වැඩි කාලයක් පශු සම්පත් සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවට උපදෙස් දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්  අමාත්‍ය මහින්ද අමරවීරගෙන් කර තිබූ ඉල්ලීමක් අනුව මෙම උපදෙස් ලා දී ඇත.

Related articles

Recent articles

spot_img