ශ්‍රී ලංකාවේ දී කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව අද (13) 53ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඒ අද දිනයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පුද්ගල මරණ 05ක් කොරෝනා හේතුවෙන් සිදුවූ බවට තොරතුරු ලබාදීම හේතුවනි.
මින් තිදෙනකු නිවසේ දී ම මියගොස් ඇති අතර එක් අයකු රෝහලට රැගෙන එන අතරතුරත් අනෙක් පුද්ගලයා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දීත් මියගොස් තිබේ.
මෙසෙ මියගිය අය අතර කොළඹ 14 පදිංචි 83 හැවිරිදි කාන්තාක් සිටියි. ඇය නිවසේ දී මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ අධි රුධිර පීඩනය, දියවැඩියාව සමඟ කොරෝනා වයිරසය ආසාදනය වීමයි.
හලාවත පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව හලාවත දිස්ත්‍රික් රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහලට ගෙනවිත් සිටිය දී මියගොස් ඇත. අධි රුධිර පීඩනය උත්සන්න වීමෙන් මොළයට රුධිරය වහනය වී ඔහු මියගොස් ඇති බව වාර්තා කර තිබේ
රත්මලානේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලකේ පපුවේ වේදනාවක් හේතුවෙන් රෝහල්ගත කරන අවස්ථාවේ මියගොස් සිට ඇත. ඔහු ද අධි රුධිර පීඩනය හා දියවැඩියාව හේතුවෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයකු නිවසේ දී මියගොස් ඇති අතර එම පුද්ගලයාට කොරෝනා ආසාදනය සමඟ හෘදයාබාධයක් වැළඳී ඇති බව වෛද්‍ය මතයයි.
කොළඹ 13 ප්‍රදේශයේ ම පදිංචි තවත් 64 හැවිරිදි පිරිමි පුද්ගලයකු නිවසේ දීම මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය හේතුවෙන් ඇති වූ ඇදුම රෝගී තත්ත්වයකින් බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම පුද්ගල මරණ 05ත් සමඟ මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 53ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.