spot_img
spot_imgspot_img

දරුවන් තලා පෙලා මුදල් ගරන, ඇලුවීෂියස් සංගීත සාජ්ජේ

පුවත්

විදෙස්

ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන DEC ‘ 09 LICE IN CONCERT නමැති සංගීත සංදර්ශනයක රුපියල් 2,000.00 බැගින් වූ ප්‍රවේශ පත්‍ර එම පාසලේ සිසුන් වෙත බලහත්කාරයෙන් විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙලෙස ටිකට්පත් සිසුන් වෙත විකුණනු ලබන්නේ අනුර ගමගේ විදුහල්පතිවරයාගේ ද අනුදැනුම සහ ආධාර උපකාරයෙන් බව දේමාපියෝ චෝදනා කරති.

සෑඹ පන්තිභාර ගුරවරයකුට ම ටිකට් පොත් ලබා දී ඇති අතර ඔවුන් දරුවන්ට ටිකට් ලබා දී රුපියල් 2,000.00 බැගින් මුදලක් දෙමාපියන්ගෙන් ඉල්ලාගෙන එන ලෙස නියෝග කර ඇත. එමෙන් ම එම මුදල් රැගෙන එන්න යැයි ඒ ඒ පන්තිවල වට්ස් ඇප් සූමහන්ට පණිවිඩ ද යොමුකර තිබේ.

තව ද ක්‍රීඩා ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම් සිදුකරන පුහුණුකරුවන් සහ උපදේශකවරු වෙත ද ටිකට් පොත් ලබා දී ඇති අතර ඔවුන් ද පුහුණුවීම් සඳහා පැමිණෙන සිසුන්ට ටිකට් ලබාගැනීමට බලකරමින් සිටියි. ඒ සම්බන්ධයෙන් ද ක්‍රීඩා සහ විෂය බාහිර කටයුතු සිදුකරන සිසුන් කණ්ඩායම් වෙනුවෙන් සැකසූ වට්ස්ඇප් සමූශයන්ට යොමුකර ඇති පණිවිඩ කිහිපයක් ම අපවෙත ලැබී ඇත.

එම සමූහයන් වෙත DEC ‘ 09 LICE IN CONCERT හි ප්‍රචාරක දැන්වීමක් එකතු කරමින් තබා ඇත්තේ මෙවැනි සටහනකි.

“ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන ඉහත වැඩසටහනේ ටිකට්පත් අප ………… කණ්ඩායමේ සියලු දරුවන් සඳහා ලබාගත යුතුව ඇත. අනෙකුත් සියලු ක්‍රීඩා කණ්ඩායම්වල දරුවන් මේ වනවිට ප්‍රවේශ පත්‍ර මිල දී ගන ඇති බව එම සංගමය පවසයි. එහෙයින් කණ්ඩායම්වල සියලු දරුවන් හෙට දින සවස පුහුණුවට පැමිණෙන විට ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට අවශ්‍ය මුදල් රැගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටිමි.”

පසුගිය නොවැම්බර් 30 වැනි දා විදුහල්පති අනුර ගමගේ මුලසුන දරමින් පාසල් සංවර්ධන සමිතියේ විශේෂ මහ සභා රැස්වීමක් පැවැත්වූ අතර එහි දී ද මෙම ටිකට්පත්‍ර ලබාගැනීම සෑම සිසුවකු විසින්ම කළ යුතුයැයි ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයකු විසින් පැහැදිළි කර තිබේ. ඒ අනුව තහවරු වන්නේ විදුහල්පතිවරයාගේ අනුදැනුම සහ ආධාර උපකාර ඇතිව ආදි ශිෂ්‍ය සංගමයේ සංගීත සංදර්ශනයේ ටිකට් පත් මිල දී ගන්නා ලෙස දරුවන්ට සහ දෙමාපියන්ට බලකරනු ලබන බවයි.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ විදුහල්පති අනුර ගමගේ සතු ජංගම දුරකථන අංක දෙකකට අප ඇමතුම් ගත්ත ද ඔහු ඒ කිසිම ඇමතුමකට පිළිතුරු දෙන්නේ නැත.

ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ  ලේකම් හෙලරුවන් ගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්ත ද එම ඇමතුම්වලට ඔහු ද පිළිතුරු ලබාදෙන්නේ නැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරන ලද විමසීමක දී කියා සිටියේ ආදි ශිෂ්‍ය සංගමයේ හෝ වෙනත් කාර්යයක හෝ ටිකට් පත් මිල දී ගන්නා ලෙස බලපෑම් කිරීමට විදුහල්පතිවරයාට හෝ කිසිම පුද්ගලයකුට හැකියාවක් නොමැති බවයි. එමෙන් ම මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් එය පාසලේ පස් අවුරුදු සහ වාර්ෂික ව්‍යාපෘති සැළසුම්වල තිබිය යුතු බව ද එයට පරිභාහිරව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නීත්‍යානුකූළ හැකියාවක් නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එබැවින් මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පවත්වන බව ද අමාත්‍යාංශ නිලධාරියකු කීවේ ය.

එබැවින් මෙම පුවත සම්බන්ධයෙන් ඔවුන්ට යම් අගතියක් සිදුවන්නේ යැයි ඔවුන් ප්‍රකාශ කරන්නේ නම් ඔවුන් විසින් ලබාදෙන ඕනෑම ආකාරයක පැහැදිළි කිරීමක් මේ හා සමාන ඉඩක් ලබා දෙමින් ප්‍රචාරය කිරීමට අපි බැඳී සිටින බව ද ප්‍රකාශ කරන්නෙමු.

5 COMMENTS

  1. මගේ දරුවාට නම් කිසිම බලපෑමක් සිදු කරතැත,

    වැරදි ප්‍රවෘත්තියක්,

    සෑම පන්තියකම දරුවන්ට මෙම ප්‍රසංගයට පැමිණෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා. එපමණයි,
    වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්න එපා යැයි බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා

  2. ශිහාන් මිහිරංග, සනුක, විනාඩි, සුපුන් සමඟ
    සරිත් සුරිත්
    එනවා එයත් එන්න එයත් එක්කම

  3. සජීව, අනිත් අය ලියන කොමෙන්ට් මගේ නමින් පෙන්වන්නේ ඇයි…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!