-0.7 C
New York

පිඹුරත්තෑව ජලාශය, මහා විනාශයක් ආසන්නයේ

Published:

සංචාරක ආකර්ශනය දිනාගත් පිඹුරත්තෑව ජලාශයේ වේල්ල ස්ථාන කිහිපයකින් ඉරිතලා ජලය කාන්දුවෙමින් පවතින බවත්, එය පුපුරා ගියහොත් මහා විනාශයක් වියහැකි බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ කියති.

පොළොන්නුරුව මහවැලි බී කලාපයේ මාදුරුඔයට පමණක් දෙවැනි වන මෙම විශාල ජලාශයේ වී හැඩැති කොටස් වශයෙන් බැම්ම ඉදිකරන ලද්දේ මෑතකාලීනවය.එහි ස්ථාන කිහිපයකින් ම කොන්ක්‍රීඩ් දියවී තැන තැන පුපුරා විශාල වශයෙන් ජලය කාන්දුවෙමින් පවතී.

මෙම ජලාශය වාන් දමන අවස්ථාවල දී ඇති අලංකාරය නිසාම දෙස් විදෙස් සංචාරකයෝ සිය දහස් ගණනක් එහි පැමිණෙති.

වේල්ල කැඩී ගියහොත් පන්සිය තුන කලාපයේ කුඹුරු යාය  මෙන් ම අරලගංවිල නගරය ද, ගම්මාන රැසක් ද ක්ෂණිකව ජලයෙන් යටවනු ඇතැයි ගොවි සංවිධාන නියෝජිතවරු කියති.

මහවැලි අධිකාරියේ බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු සුගත් වීරසිංහ පවසන්නේ මේ පිළිිබඳ වහාම පියවර ගන්නා බවයි.

Related articles

Recent articles

spot_img