spot_img
spot_imgspot_img

“ගාලු කොටුව නාය යනවා. හදන්න නම් ටිකට් කඩන්න වෙනවා” – රජය කියයි

පුවත්

විදෙස්

ගාල්ල කොටුව නඩත්තු කිරීම සඳහා එහි පැමිණෙන විදේශිකයන්ට ප්‍රවේශ පත්‍ර නිකුත්කර මුදල් එකතු කිරීමට තීරණය කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික ආමත්‍ය විදුර වික්‍රමනායක අද (06) පාර්ලිමේන්තුවේ දී කීවේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ගාල්ල කොටුවට සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන බැවින් ඔවුන්ගෙන් මුදල් අයකිරීමක් කරන්නේ නම් සංචාරකයන් පැමිණීම අඩුවනු ඇතැයි ද මේ දිනවල ගාල්ල කොටුවට ඇතුළුවීමට මුදල් ගන්නා බවට විශාල ප්‍රචාරයක් යන බවත් ප්‍රකාශ කරමින් ඔහු විමසා සිටියේ මෙම කතාවේ ඇත්තක් තිබේ ද යන්නයි.

එම අවස්ථාවේ ඊට පිළිතුරු දුන් විදුර වික්‍රමනායක අමාත්‍යවරයා ගාලු කොටුවට ඇතුළුවීමට හෝ කොටු බැම්ම මත ඇවිදීමට හෝ මුදලක් අයනොකරන බවත්, නමුත් කෞතුකාගාර, කලා කුටි ඇතුළු විශේෂ ස්ථාන කිහිපයකට ඇතුළුවීමේ දී ප්‍රවේශ පත්‍ර නිකුත් කරන බවත් කියා සිටියේය.

“ටිකට් එකක් නිකුත් කරන්න තීරණය කරලා තියෙන්නේ මේකේ නඩත්තුව කරන්න අවශ්‍ය නිසා. කොටු පවුර නායයාමේ අවදානමක් තියෙනවා. ඒවා නඩත්තු කරන්න ඕනේ. ඒ නිසා සුවිශේෂී ස්ථානවලට ඇතුළුවීමේ දී මුදල් අයකරන්න වෙනවා.” යැයි විදුර වික්‍රමනායක අමාත්‍යවරයා කීවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!