-1.6 C
New York

පාසල් සිසුන්, 2025 දක්වා ම අමාරුවේ ?

Published:

2023 වර්ෂයට නියමිත අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (05) මාධ්‍යවේදීන් හමුවේ විශේෂ දැනුම්දීමක් කළේය.

අමාත්‍යවරයා පවසන්නේ උසස් පෙළ විභාගය 2024 ජනවාරි මාසයේ ස්ථිර වශයේන ම පවත්වන බවයි. එමෙන් ම සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දී පවත්වන බව ද ඔහු කීවේය.

අමාත්‍යවරයා පවසන්නේ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා සෑම විභාග දෙකක් අතර ම අවම වශයෙන් මාස 03ක කාල පරතරයක් අවශ්‍ය බවයි. එබැවින් 2025 වර්ෂයේ සිට නියමිත වසරේ දී විභාග සාමාන්‍ය පරිදි පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related articles

Recent articles

spot_img