spot_img
spot_imgspot_img

කැලණිය විශ්වවිද්‍යාලය දින නියමයක් නැතිව වසා දමයි

පුවත්

විදෙස්

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (04) සවස 2.00 සිට නැවත දැනුම්දෙන තුරු නවතා දැමීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කර තිබේ.

එසේ වුව ද රාගම පිහිටි වෛද්‍ය පීඨය වසා නොදමන බව ද උපකුලපතිවරයා පවසයි.

මෙම තීරණය අනුව වසා දැමූ සියලු පීඨවල ඉගෙනුම ලබන සියලු නේවාසික සිසුන් හෙට (05) උදෑසන 5.00ට පෙර තම නේවාසිකාගාරවලින් ඉවත්ව යා යුතු බව ද සඳහන් කර තිබේ.

එසේම නැවත දැනුම්දෙනතුරු කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය ඇතුළු විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන් වෙත සහ විශ්වවිද්‍යාලයට අයත් සියලුම අභ්‍යන්තර සහ භාහිර නේවාසිකාගාර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තහනම් කර ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු විවේකාගාරයේ නිදා සිටියදී පැහැරගෙනගොස් රඳවාගෙන පහරදී ඔහුව ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශවන ගේට්ටුවේ ගැටගසා තිබීමේ සිදුවීමට අදාළව විනයානුකූලව පියවර ගෙන අනධ්‍යයන කාර්යමණ්ඩලය සහ ශිෂ්‍යයන් අතර නැවත සාමය ඇතිකිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!