spot_img
spot_imgspot_img

පැරණි නිර්දේශ සිසුන් සරසවි වරම් ඉල්ලා උද්ඝෝෂණයේ

පුවත්

විදෙස්

2019 වර්ෂයේ උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණුවලින් අසාධාරණයට ලක්වූ සියලු සිසුන් විශ්වවිද්‍යාල සඳහා බඳවාගන්නා යැයි ඉල්ලමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය අද (13) ගාල්ල නගරයේ උද්ඝෝෂණයක නිරතවිය.

නිරෝධායනය අනුව සමාජ දුරස්ථභාවය තබාගනිමින් පැවැති මෙම උද්ඝෝෂණය සඳහා 50කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

2011 වර්ෂයේ දී නව හා පැරණි වශයෙන් විෂය නිර්දේශ දෙකක් සඳහා විභාගය පැවැති අවස්ථාවේදී මෙන් සිසනු වැඩි ප්‍රමාණ්‍යක් විශ්වවිද්‍යාලයවලට බඳවාගන්නා ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

මෙහි දී අදහස් දැක්වූ රුහුණ විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති වෙරංග පුෂ්පික මෙසේ කීවේය.

“මේ ගැටලුව ගැන බලධාරීන් හොඳටම දැනුම්වත්. නමුත් ඒ අය කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. රජය බලයට පත්වුණේ උසස් පෙළ සමත්වන සියලුම සිසුන්ට සරසවි වරම් දෙනවා කියලා. නමුත් කරන්නේ වෙනත් දෙයක්. අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල් පවා කප්පාදු කරනවා. 2011 වර්ෂයේ දී ත් මේ ගැටලුව ම ආවා. එදා කළේ විශ්වවිද්‍යාල සඳහා බඳවාගන්නා සිසුන් ප්‍රමාණය ඉහළ දැමීම. මෙතැන දී වැඩිම අසාධාරණය වුණේ පැරණි නිර්දේශයෙන් විභාගයට පෙනී සිටි අයට. අපි කියන්නේ මේ අය ‌බඳවාගන්න කියලා.”

ඔවුන් පවසන්නේ වසංගත තත්ත්වයක් තිබුණත් මේ අසාධාරණය වෙනුවෙන් සියලු දිස්ත්‍රික්කයන් හි සිසුන් පාරට බැහීමට තීරණය කර ඇති බවයි. සියලුම ප්‍රගතිශීලී බලවේග හා පුරවැසි සංවිධාන එක්කරගනිමින් මේ අරගලය අඛණ්ඩව කරගෙන යන බව ද ඔවුහු කියති.

1 COMMENT

  1. බොරු නිව්ස් දාන්න එපා…පැරනි අයට නෙවෙයි අසාදාරනයක් වුනේ now අයට…පැරනි අයගෙන් අසාදාරනෙ උනෙ තාක්සන වේදයේ අයට විතරය් …😡😡

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!