-0.7 C
New York

ළමා නිවාසයේ සිටි දරුවා, පහරදීමකින් මරුට

Published:

ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි ළමයකු තැලුම් තුවාල සහිතව මියයාමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාව අද (04) නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම දරුවා කල්මුණේ ඉස්ලාමාබාද් ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටිය දී මියගොස් ඇත. දරුවාගේ පියා පවසන්නේ මියගිය තම පුතුගේ මළ සිරුරේ තැලුම් තුවාල දක්නට ලැබුණු බවයි.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ ත්‍රිකුණාමලය උප්පවේලි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකි. පොලිසිය පවසන්නේ මියගිය දරුවා අකීකරු බව පවසමින් මේ පාලිකාව විසින් ඔහුට කොසු මිටකින් පහර දී ඇති බවයි.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අම්පාර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ද සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙම මරණය සිදුව ඇත්තේ පහරදීමක් හේතුවෙන් බවයි.

කොක්අඩිචෝලේ පදිංචිව සිටි මෙම දරුවා සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණ නියෝගයක් මත ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා තබා තිබිණි.

Related articles

Recent articles

spot_img