සංචාරකයන් රැගත් බසයයක්, දුම්රියක ගැටෙයි

පුවත්

විදෙස්

සංචාරකයන් රැගත් බස් රථයක් අද (29) අලුයම කළුතර, වස්කඩුව දුම්රිය හරස් මාර්ගයක දී දුම්රියක ගැටීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සිය සංචාරය නිමාකර නැවත සිය රටබලා යාමට කටුනායක ගුවන්තොටුපොළ දක්වා යමින් සිටි සංචාරකයන් පිරිසකි. ඔවුන් අද උදෑසන 9.00ට චෙක් රාජ්‍යය බලා පියාසර කරන යානයකින් මෙරටින් පිටවීමට නියමිතව සිටි බව ද පැවසේ.

අලුත්ගම සිට හලාවත බවා ධාවනය වන අංන 8304 දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

බස්රථයට අනතුරින් දැඩි හානි සිදුව තිබූ අතර දුම්රියට ද හානි සිදුව ඇත. මෙම අනතුර හේතුවෙන් අද මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරවක් වසා දැමීමට සිදුව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles