රටේ වැඩකරන සමස්ත ජනතාව වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල (EPF) සඳහා ලබා දී තිබෙන පොළී අනුපාතය 09%ක් විය යුතුයැයි තීරණය කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තම නිලධාරීන් සඳහා පවත්වාගෙන යන අර්ථසාධක අරමුදලේ ගිනුම් ශේෂය සඳහා 2022 වර්ෂයේ දී ලබා දී ඇති පොලී අනුපාතය 29.27%ක් වැනි විශාල අගයක පවත්වාගෙන යන බව පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය.
මෙම කරුණු අනාවරණය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිප්තති අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නවලට ලැබුණු පිළිතුරු අනුවය.
එමෙන් ම සමස්ත ජනතාව නියෝජනය කරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට (ETF) ලබා දී ඇත්තේ 8.75%ක් වැනි ඉතාමත් අඩු පොලියකි.
සේවක අර්ථසාධක අරමුදල පරිපාලනය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ය. පුද්ගලික අංශයේ සේවකයකුගේ ශ්‍රමය වෙනුවේන ඔවුන් විශ්‍රාම යන දිනට ලැබෙන එකම ප්‍රතිලාභය වන්නේ මේ මුදල පමණි. එම අරමුදල් නිසි පරිදි පාලනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට පවරා ඇත්තේ එය විනිවිදභාවයකින් සිදුවිය යුතු බැවිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග චෝදනා කරන්නේ මහබැංකු අධිපති ඇතුළු මූල්‍ය මණ්ඩලය සාමාන්‍ය ජනතාවට ලැබෙන ප්‍රතිලාභ පහත දමමින් තම සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභ අසාමාන්‍ය ලෙස ඉහළ දමා ඇති බව මෙම සංඛ්‍යාලේඛන අනුව පැහැදිළිවන බවයි.
රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියා සිටියේ මෙවැනි පොලී අනුපාතයක් ලබාදෙන්නේ 1994 දී මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගත් තීන්දුවක් අනුව බවයි.



