කොග්ගල කම්හලේ කොරෝනා සක්‍රියයි. තත්ත්වය අනතුරුදායකයි

0
939

කොග්ගල බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලවේ සේවක සේවිකාවන් අතර කොරෝනා ආසාදිතයන් සිටීමේ අවදානමක් ඇති බවත් එම කර්මාන්තශාලාවෙන් හමුවූ පළමු රෝගියාට කොරෝනා සෑදුණු ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විදයාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා පවසයි.

වෛද්‍ය සිංගාරච්චි මහතා මේ බව කියා සිටියේ අද (13) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අදහස් දක්වමිනි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ කොග්ගල බ්‍රැන්ඩික්ස් සමාගමේ සේවය කරන රත්ගම පදිංචි කාන්තාවක් ආසාදිත බව තහවුරු වූ වහාම හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මැදිහත් වීමෙන් ඇගේ ආශ්‍රිතයන් 155කට පීසීආර් පරීක්ෂණ සිදුකළා. ඒ වෙලාවේ කිසිම ආසාදිතයෙක් වාර්තා වුණේ නැහැ. ඒවා කළේ ඇය ආසාදිත බව හඳුනාගත් 29 වැනිදා දිනයේ දී ම. නමුත් ඒ සමීපතමයන්ගේ නිරෝධායන කාලය අවසන් වෙලා දින 14කින් කරපු පීසීආර් පරීක්ෂණවලින් පළමු රෝගියාගේ සමීප මිතුරියක් ආසාදනය වෙලා බව තහවුරු වුණා. මෙය සක්‍රීය තත්ත්වක්. පළමු ආසාදිත තරුණියට කොරෝනා ආසාදනය වුණේ කොහොමද කියා සොයාගන්න බැරිවුණා. මේ කාරණා සියල්ල සැළකිල්ලට ගත්විට අපි සැකකරනවා කොග්ගල බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ තවත් ආසාදිතයන් ඇති කියා. මේ ගැන සෞඛ්‍ය අංශ දැඩි අවධානයකින් පසු වෙනවා.”

වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා පවසන්නේ ඒ අනුව අදාල කර්මාන්තශාල‌වේ අනිකුත් සේවක සේවිකාවන් සඳහා අහඹු පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here