-0.7 C
New York

හිටපු ජනාධිපතිවරු නඩත්තු මුදල 45%කින් වැඩි කරලා

Published:

හිටපු ජනාධිපතිවරු 04 දෙනකු සහ ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස සඳහා වැය ශීර්ෂයට රුපියල් ලක්ෂ 1,100ක් අයවැය විසර්ජන කෙටුම්පත මගින් වෙන්කිරීමට යෝජනා කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසන්නේ හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ලබන වර්ෂයේදී   වැය කිරීමට අපේක්ෂා කරන මුදල  2022 වර්ෂයට සාපේක්ෂව  සියයට 45 ක පමණ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බවයි.

මේ අනුව මහින්ද රාජපක්ෂ,  ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 292 බැගින්ද  චන්ද්‍රිකා  බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය  වෙනුවෙන් රුපියල් ලක්ෂ 157ක් ද හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ භාර්යාව වන හේමා ප්‍රේමදාස වෙනුවෙන් රුපියල් ලක්ෂ  68ක් ද ලබන වසරේදී වෙන් කෙරෙන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනාට සහ  ජනාධිපති බිරිඳ හේමා ප්‍රේමදාසට 2022 වර්ෂයේ අයවැයෙන්    පොදුවේ වෙන්කර ඇත්තේ  රුපියල් ලක්ෂ 757 ක මුදලකි.

මේ වර්ෂයේදී එම මුදල ලක්ෂ 844 ක් දක්වා  ඉහළ ගොස් ඇති බව පවසන  මහාචාර්ය අතුකෝරළ හිටපු ජනාධිපතිවරුන්ට වෙන් කෙරෙන මුදල  ලබන වර්ෂයේදී   ලක්ෂ 1100 ක් දක්වා ඉහළ දැමීමට අයවැයෙන් යෝජනා කර ඇතැයිද  ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ගුරුවරුන්ගේ වැටුප ලබන වසරේදී  වැඩි වන්නේ  සියයට 14  කින් පමණක් බවද  මහාචාර්යවරයා පෙන්වා දෙයි.

Related articles

Recent articles

spot_img