හිටපු ජනාධිපතිවරු 04 දෙනකු සහ ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස සඳහා වැය ශීර්ෂයට රුපියල් ලක්ෂ 1,100ක් අයවැය විසර්ජන කෙටුම්පත මගින් වෙන්කිරීමට යෝජනා කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසන්නේ හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ලබන වර්ෂයේදී වැය කිරීමට අපේක්ෂා කරන මුදල 2022 වර්ෂයට සාපේක්ෂව සියයට 45 ක පමණ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බවයි.
මේ අනුව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 292 බැගින්ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 157ක් ද හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ භාර්යාව වන හේමා ප්‍රේමදාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 68ක් ද ලබන වසරේදී වෙන් කෙරෙන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනාට සහ ජනාධිපති බිරිඳ හේමා ප්‍රේමදාසට 2022 වර්ෂයේ අයවැයෙන් පොදුවේ වෙන්කර ඇත්තේ රුපියල් ලක්ෂ 757 ක මුදලකි.
මේ වර්ෂයේදී එම මුදල ලක්ෂ 844 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පවසන මහාචාර්ය අතුකෝරළ හිටපු ජනාධිපතිවරුන්ට වෙන් කෙරෙන මුදල ලබන වර්ෂයේදී ලක්ෂ 1100 ක් දක්වා ඉහළ දැමීමට අයවැයෙන් යෝජනා කර ඇතැයිද ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් ගුරුවරුන්ගේ වැටුප ලබන වසරේදී වැඩි වන්නේ සියයට 14 කින් පමණක් බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.
Janadhipathiwarunta gaweema siyayata50kin kapa harinna
.