-1.6 C
New York

ණය බර වැඩි කළ, විදෙස් ව්‍යාපෘති 179න් 148ක් ම අසාර්ථකයි

Published:

විදේශ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති 179ක් අතරින් සාධනීය 148ක් ම අසාර්ථක ව්‍යාපෘති බවට පත්ව ඇතැයි ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අනාවරණය විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සභාපතිත්වය දරන මෙම කාරක සභාව පසුගිය 21 වැනි දා රැස්වූ අවස්ථාවේ දී මේ බව අනාවරණය වී තිබේ.

විදේශ අරමුදල් සපයනු ලබන ආයතනවලින් විදේශ අරමුදල් ව්‍යාපෘති සඳහා ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන 2.6ක මුදලක් ලැබී ඇත. මෙහි දී අනාවරණය වී ඇත්තේ මෙම ව්‍යාපෘතිවල අපේක්ෂිත අරමුණු ඉටුකර නොගන්නා බවයි. එමෙන්ම රටේ විදේශ ණය සීඝ්‍රයෙන් ඉහළ යාමට ද මෙම ව්‍යාපෘති හේතුවක් වී තිබේ.

ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අමාත්‍යාංශ, ආයතන මෙන් ම මෙම ව්‍යාපෘති නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බැලීම සඳහා පිහිටුවා ඇති ව්‍යාපෘති අධීක්ෂණ ඒකකවල දුර්වලතාව මේ සඳහා හේතු වී ඇතැයි ද අනාවරණය වී ඇත.  

Related articles

Recent articles

spot_img