spot_img
spot_imgspot_img

බොරු චෝදනා කළාට ශානි අබේසේකර කෝටි 100ක් වන්දි ඉල්ලයි

පුවත්

විදෙස්

අසත්‍ය සහ පදනම් විරහිත ‍චෝදනා එල්ල කරමින්, අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිතා කරමින් තමන් රිමාන්ඩ් කිරීමෙන් තම ආත්මගරුත්වයට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබේ.

එහි විත්තිකරුවන් ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත සහ නීතිපතිවරයා නම්කර ඇත.

ශානි අබේසේකර මෙම පෙත්සම ගොනුකර ඇත්තේ නීතිඥ මංජුල බාලසූරිය මාර්ගයෙනි. ඔහු කියා සිටින්නේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සොයාගත් ගිනිඅවි පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් තමන්ට එරෙහිව ද්වේෂ සහගත සහ පළිගැනීමේ චේතනාවෙන් විමර්ශන සිදුකළ බවයි.

පොලිස්පතිවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ තීරණයක් පැවති මෙම විමර්ශනවල දී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් අධිකාරී නෙවිල් සිල්වා සහ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත යන අය තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ සිදුකරන ලෙස විවිධ පුද්ගලයින්ට බලපෑම් කර තිබූ බවත් ශානි අබේසේකර සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

ඒ අනුව වගඋත්තරකරුවන් තමන්ව අත්අඩංගුවට ගෙන ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් කළ බවත් මාස ගණනාවකින් පසුව නීතිපති උපදෙස් මත නිදහස් කෙරුණු බවත් ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!