ආසාදිත රැඳවියන් නිසා බූස්ස බන්ධනාගාරයේ සිදුවන දේ

0
110

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් ඔවුන් සමඟ සිටි අනෙක් රැඳවියන් 74 දෙනාගේ සහ නිලධාරීන් 30 දෙනකුගේ පමණ පීසීආර් පරීක්ෂණ අද (13) සිදුකරන බව සෞඛ්‍ය අංශ පවසයි.

නිලධාරීන් අතරට බන්ධනාගාර නිලධාරීන් මෙන්ම විශේෂ කාර්යබලකායේ සාමාජිකයෝ ද ඇතුළත් වෙති.

වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකිර්ණය හා සම්බන්ධ වූ රැඳවියන් කිහිප දෙනකු මොවුන් දෙදෙනා රඳවා සිටි බන්ධනාගාර වාට්ටුවේ සිටි බවයි.  

අද (13) දිනයේ කරනු ලබන පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව මෙහි රඳවා සිටි හිනිදුම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනාට කොරෝනා ආසාදනය වූයේ බන්ධනාගාරය ඇතුළතින් ද නැතිනම් හිනිදුම ප්‍රදේශයෙන් ද යන්න තීරණය කළ හැකිවන බව ද සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here