10.2 C
New York

කොටස් වෙළෙඳ පොළ අද

Published:

කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 8,585ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 912ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 38ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,507ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 112
  • ෆොර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 111
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 96

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ෆොර්ට් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 4.1
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම මිලියන 2.7
  • හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන  2.1‍‍

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 50%
  • බ්ලූඩයම්නඩ් සමාගම (N) 25%
  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම (X) 14%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම කොටස් 750,000ක් රුපියල් 100.00 බැගින්
  • කලම්බු ෆෝර්ට් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 4.1ක් රුපියල් 27.00 බැගින්
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම කොටස් මිලියන 1.08ක් රුපියල් 35.00 බැගින්
  • සම්පත් බැංකුව කොටස් 512,000ක් රුපියල් 66.50 බැගින්
  • කාර්ගීල්ස් සමාගම කොටස් 100,000ක් රුපියල් 3.70 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 263
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 249
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 184

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 48කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 79ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 31ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 11
  • හේලීස් එන්ජීටී රුපියල් මිලියන 08

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කාර්ගීල්ස් ලංකා සමාගම රුපියල් මිලියන 55
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img