-3.4 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 8,637ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,102ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 66ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,546ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලයන් බෲවරි සමාගම රුපියල් මිලියන 558
  • ලංකා මිල්ක් ෆුඩ් රුපියල් මිලියන 70
  • ෂෙවරොන් ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 44

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 5.3
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 2.7
  • යූබී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 1.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 50%
  • බ්ලූඩයම්නඩ් සමාගම (N) 33%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 263
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 254
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 181

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 63කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 586ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 523ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 8.9
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 7.8
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 7.8

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ලයන් බෲවරි සමාගම රුපියල් මිලියන 557
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 7.8

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img