හිනිදුම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 16 දෙනකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙවැනි පියවරක් ගෙන ඇත්තේ හිනිදුම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සැකකරුවන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙනි.
එම සැකකරුවන් දෙදෙනා බූස්ස බන්ධනාගාරයේ සිටිය දී ආසාදිත බව තහවුරු වී තිබිණි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ එම සැකකරුවන් දෙදෙනාගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් 24ක් ද ස්වයං නිරෝධායනයට ලක්කළ බවයි.
එමෙන්ම අධිකරණ කටයුතුවල දී මෙම පුද්ගලයන් දෙදෙනා හා ආශ්‍රිත වූ තවත් පිරිසක් ඇතුළු 80ක පමණ කණ්ඩයමකට පීසීආර් පරීක්ෂණ සිදුකරන බව ද සෞඛ්‍ය අශ සඳහන් කරයි.
හිනිදුම පොලිසිය ද විෂබීජහරණ කිරීමට කටයුතු යොදා තිබිණි.