-2.5 C
New York

බදු නොගෙවා, ජොන්ස්ටන්ගේ සමාගම නම වෙනස් කරලා

Published:

බදු ගෙවීම් පැහැර හැර ඇති “වයඹ ඩිස්ටලරීස්” සමාගමට එම ගෙවීම් ඔක්තෝබර් 31 වැනි දිනට පෙර සිදුකරන ලෙස දැනුම් දුන් පසු සමාගමේ නම වෙනස් කර “රෝයල් සිලෝන්” නමින් නිෂ්පාදන ආරම්භ කර ඇතැයි සුරාබදු දෙපාර්ත‍මේන්තුව පවසයි.

හිටපු අමාත්‍යවරයකු මෙන් ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු ද වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙම සමාගමේ හිමිකරුවා බව ද පැවසේ. එම සමාගම විසින් ගෙවීම් පැහැර හැර ඇති බදු මුදල රුපියල් මිලියන 580කි.

 ‘වයඹ ඩිස්ටලරිස්’ අරක්කු සමාගම අදාළ බදු මුදල නොගෙවා ගෙවීම නතර කර තබා ගැනීම සඳහා පසුගිය ඔක්තෝබර් 27 වනදින අභියාචනාධිකරණය හමුවේ නඩුවක්ද ගොනු කර ඇත.

අභියාචනාධිකරණයේ ‘රෝයල් සිලෝන්’ වෙනුවෙන් මෙම නඩුව ගොනු කර ඇත්තේ WAT 064923 අංකය යටතේ ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු, නීතිඥවරුන් වන ලක්මාල් රත්නායක, අමිත් පෙරේරා හා එස්. ප්‍රේමචන්ද්‍ර යන අය විසිනි.

මෙම නඩුව විභාගයට ගත් අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න හා එම්.සී.බී.එස් මොරායාස් විසින් රිට් ආඥාවක් නිකුත් කර ඇති අතර එම සමාගමේ බලපත්‍රයේ වලංගු කාලය 2024 මාර්තු 25 දක්වා ලබා දී තිබේ.

නඩුව නැවත එදින විභාගය ගැනීමට නියමිතය.

එමෙන් ම මීට අදාළ විරෝධතා ඇත්නම් 2024 ජනවාරි 15 දිනට පෙර ගොනු කරන ලෙසද අභියාචනාධිකරණය දැනුම් දී තිබේ.

Related articles

Recent articles

spot_img