-2.5 C
New York

ආණ්ඩුකාර මාරුවක්, මන්ත්‍රීධූරය අහිමි වූ නසීර්ටත් තනතුරක්

Published:

පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වූ හිටපු අමාත්‍ය නසීර් අහමඩ් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කරමින් ආණ්ඩුකාරවරු කිහිප දෙනකු ම වෙනස් කිරීමට රජය සැළසුම්කර ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

දැනට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන සෙන්දිල් තොණ්ඩමන් ඌව පළාතටත්, ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ‍කටයුතු කරන ඒ.ජේ.එම්.මුසම්මිල් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයටත් පත්කිරීමට නියමිතය.

දැනට බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකට තානාපති ධූරයක් ලබාදීමට ඉඩ ඇතැයි ද වාර්තා වෙයි.

මෙම වෙනස්කම් ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

Related articles

Recent articles

spot_img