කොරෝනා රෝගීන්ගේ අඩකට පමණ රුධිරය කැටි ගැසීමේ තත්ත්වයක් ඇතිවන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
පර්යේෂකයන් වසන්නේ කොරෝනා ආසාදිතවූවන්ගේ රුධිර නාලිකාවල මෙවැනි කැටිගැසීම් දක්නට ලැබෙන බවයි. කොරෝනා වයිරසය මිනිස් සිරුරට ඇතුළු වූ පසු සිරුරේ ඉබේම නිෂ්පාදනය වන ප්‍රතිදේහ හේතුවෙන් මෙලෙස රුධිර කැටගැසීම සිදුවන්නේ යැයි පර්යේෂකයෝ පවසති. මෙමගින් පෙනහළුවලට රුධිර ප්‍රවාහනය සීමා විය හැකි අතර ඔක්සිජන් හුවමාරුවට ද බාධා එල්ලවන බව පෙනී ගොස් ඇත.
ඇතැම් පුද්ගලයන්තුළ මෙය දක්නට ලැබෙන බව ද පර්යේෂණය සිදුකළ මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු මෙන්ම ජාතික සෞඛ්‍ය ආයතනයේ හෘද, පෙනහළු හා රුධිර ආයතනයේ පර්යේෂකයකු වන යෝගන් කාන්ති පවසයි.
ප්‍රති පොස්ෆොලිපිඩ් සින්ඩ්‍රෝම් නම් රෝග තත්ත්වයක් ලෝක ජනගහණයෙන් සැළකිය යුතු ප්‍රමාණයකට ඇති බව පර්යේෂකයෝ කියති. මෙය ජානගත ආබාධ තත්ත්වයකි. සාමාන්‍ය පරිදි දිවි ගෙවන ඔවුන්ගේ රුධිරය කැටිගැසීම අධිකය. එවැනි අයට හෘදයාබාධ හා අධිරුධිර පීඩනය වැනි රෝග වැළඳීමේ ප්‍රවණතාව ද අධිකය. පර්යේෂකයන්ගේ මතය වන්නේ එවැනි අයට කොරෝනා වඩාත් භායානක වන බවයි.
“කොරෝනා රෝගීන්ගේ ශරීරයේ අධික වේදනාව සමග යම් ආකාරයක රුධිර කැටි ගැසීමක් අපි දිගටම දකිනවා. මේ ගැන අධ්‍යයනය කරමින් සිටිනවා. මේ හේතුවෙන් ම ඔවුන් මිය යා හැකියි. ඔවුන් ජීවිතය සමඟ අරගල කරනවා.” යැයි කාන්ති පවසයි.
සිරුරට බාහිරින් ඇතුළුවන යම් විෂබීජයක් හේතුවෙන් ශරීරයේ ඊට එරෙහිව ඇතිවන ප්‍රතිදේහ සමහර අවස්ථාවල දී එම සිරුරේම ඇතැම් ඉන්ද්‍රියයන්ට හා පද්ධතිවලට හානිකර ලෙස බලපාන බව විද්‍යාඥයෝ කියති. කොරෝනා වයිරසය ද එවැන්නක් බව මේ වනවිට පර්යේෂණවලින් තහවරු වෙමින් තිබේ.
මෙම පර්යේෂණ කණ්ඩායම පවසන්නේ කොරෝනා රෝග කාරක වයිරසය සිරුරට ඇතුළු වූ පසු ඇතිවන ප්‍රතිදේහ රුධිරයේ කැටිගැසීම වැඩි කරන බව ප්‍රතිදේහ හේතුවෙන් ඇතිවන රෝග තත්ත්වය පිළිබඳ විශේෂඡයකු වන මිචිගන් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ජේසන් නයිට් පවසයි.
පර්යේෂකයන් පවසන්නේ කොරෝනා රෝගය ආසාදනය වන අයගෙන් 50% ක පමණ ප්රමාණයකගේ සිරුරේ මෙලෙස සිරුරට හානිකර ප්‍රතිදේහ නිපදවෙන බවයි. මේ බව ඔවුන් පසුගිය අප්‍රේල් මාසයේ දී අනාවරණය කර තිබිණි.
කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩි තොරතුරු අනාවරණය කරගැනීම සඳහා ඔවුන් ප්‍රතිදේහ ආකෘති සකසා ඒවා ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කර තිබිණි. කොරෝනා ආසාදනය වූ අයගේ සිරුරුවලින් ලබාගත් ප්‍රතිදේහ වෙනත් සතුන්ට ඇතුළු කර ඔවුන්ගේ සිරුරුතුළ රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාවක් තිබේ ද යන්න අධ්‍යයනය කරන ලදී. පර්යේෂකයන් පවසන්නේ කොරෝනා හේතුවෙන් ඇතිවන ප්‍රතිදේහ වලින් ඔවුන් මෙතෙක් එවැනි පර්යේෂණ වල දී දුටු භයානකම රුධිර කැටගැසීම දුටු බවයි.
පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී කාන්ති පවසන්නේ “කොරෝනා රෝගීන්ගේ රුධිර කැටි ගැසීම සිදුවන යාන්ත්‍රණය අපි සොයාගත්තා. නමුත් මේ අධ්‍යයනය සායනික පර්යේෂණ සඳහා සූදානම් කර නැතත් කොරෝනා රෝගීන්ගේ රුධිර නාලයන්හි ලේ කැටි හිරවීම වළක්වාගැනීමටත් ඔවුන් විදින වේදනාව අඩුකරගැනීමටත් මේ පර්යේෂණ හේතුවක් වේවි. “ යනුවෙනි
ඔවුන්ගේ මීළඟ පර්යේෂණය වී ඇත්තේ මෙලෙස නිපදවෙන ප්‍රතිදේහ වැඩිපුර පවතින වැඩි රුධිර කැටිගැසීමෙන් වඩාත් ජීවිත අවදානමක් ඇති රෝගීන්ගේ සිරුරෙන් එම ප්‍රතිදේහ ඉවත්කිරීමෙන් හෝ අවහිර කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිවේද යන්න සොයා බැලීමයි.
ඒ අනුව ස්වයං ප්‍රතිශක්තීකරණයක් වඩාත් හොඳින් ඇතිවන රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස බහුලව භාවිතා කරන ප්ලාස්මාෆෙරෙසිස් වැනි ඖෂධ මේ සඳහා යොදා ගැනීමෙන් රුධිරය කැටිගැසීම වළක්වා හොඳ රුධිර සංසරණයක් පවත්වාගෙන යාමට හැකිවනු ඇති බව මිචිගන් වෛද්‍ය විද්‍යාලයේ මහාචර්ය සූඔ් පවසයි. ඔහු පවසන්නේ ප්‍රතිදේහ හොඳින් නිපදවන ඇතැම් පුද්ගලයන් ශ්වසන ක්‍රියාකරීත්වය අතින් වඩාත් නරක අතට හැරී ඇති අතර ප්‍රතිදේහ ඔවුන්ගේ සිරුරේ වෙනත් නිරෝගී සෛල තුල පවා වේදනාව ඇතිකරන බවයි.
කොරොනා රෝගයෙන් කෙනෙකු සුවය ලැබුව ද සිරුරේ හටගන්නා යම් තරමකට විනාශකාරී මේ ප්‍රතිදේහ කොපමණ කාලයක් එවැනි පුද්ගලයකුගේ සිරුරේ පවතින්නේ ද යන්න සොයාගැනීම සඳහා දැන් පර්යේෂණ ආරම්භ කර තිබේ.
කාන්ති පවසන්නේ තමන් ඇතුළු පර්යේෂක කණ්ඩයම මේ වනවිට තවත් අත්හදා බැලීමක් සිදුකරන බවයි. රුධිරය කැටගැසීම වැළැක්වීම සඳහා කොරෝනා රෝගීන් ඩයිපිරිමඩෝල නමැති ඖෂධය ලබාදීමයි. එය කාලයක සිට භාවිතා කරන පැරණී ඖෂයකි. එමෙන්ම මිලෙන් අඩුය.