-1.6 C
New York

අද කොටස් වෙළෙඳ පොළ

Published:

කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 7,533ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 873ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 48ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,613ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කාසන්කම්බැච් සමාගම රුපියල් මිලියන 134
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 130
  • ඩිස්ටලරීස් සමාගම රුපියල් මිලියන 111

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ට සමාගම කොටස් මිලියන 6.2
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 5.3
  • ඩිස්ටලරීස් සමාගම කොටස් මිලියන 4.1

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X)  50%
  • ඩිස්ටලරීස් සමාගම 08%

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කාසන්කම්බැච් සමාගමේ කොටස් 495,000ක් රුපියල් 243.75 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 262
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 255
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 184

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 62කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 105ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 43ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කාසන්කම්බැච් සමාගම රුපියල් මිලියන 13
  • කමර්ෂල් බැංකුව රුපියල් මිලියන 11
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 10

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 25
  • ලංකා ලුබ්‍රිකන්ට් සමාගම රුපියල් මිලියන 24
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 10

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img