මීටරයක් තියා සෙන්ටිමීටරයක්වත් නැති දුම්රිය ගමන (සේයාරූ ඇත)

0
212

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වඩාත් දරුණු ලෙස පැතිරෙමින් පවතින්නේ බස්නාහිර පළාතේය. මේ වනවීට බස්නාහිර පළාතෙන් පිටතට කිසිවෙකුට යා නොහැකි වුව ද බස්නාහිර පළාත තුළ හුදකලා කළ පොලිස් වසම් කිහිපයක හැර අනෙක් සියලු තැන්වල අවශ්‍ය අනවශ්‍ය පරිදි සංචරණය කිරීමේ අවස්ථාව තිබේ. රටේ ප්‍රධාන කාර්යාල වැඩිපුරම පිහිටා ඇති කොළඹ නගරයට රටේ සෑම දෙසකින්ම පැමිණීමට හැකියාව ද ඇත.

දිනපතා රැකියාවට යන මේ මිනිසුන් වැඩිපුරම භාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවයයි. තීරණ තීන්දු ගන්නා මාණ්ඩලික නිලධාරීන්ට මෙන් ඔවුන්ට නිල රථ නැත. පුද්ගලික රථයකින් රැකියාවට ඒමට තරම් වත්කමක් ද නැත.

නමුත් රට වසා දමා නැති මෙවන් මොහොතක ඔවුන් රැකියාවට ආ යුතුය. යළි සවස නිවසට යා යුතුය. රටේ වැඩිම පිරසක් භාවිතා කරන දුම්රිය සේවාව ද ධාවන සීමා පනවා තිබේ. මේ ඡායාරූප අද (12) සවස මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියේය. සවස 4.35ට පමණ බම්බලපිටිය දුම්රිය ස්ථානය අසළ දී එය දිස්වූ ආකාරයයි මේ.

මේ මිනිසුන් කොතරම් අසරණ වී සිටින්නේ ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. වසංගතය පැතිරෙමින් පවතිද්දී අපේ රටේ මිනිසුන් රාජකාරී සඳහා යන ආකරයයි මේ. නිරෝධායන නීති ගැසට් කර තිබේ. ඒ නීතිය අනුව සමාජ දුරස්ථභාවය පවත්වාගත යුතුය. නැතිනම් නිරෝධායන පනත අනුව දඬුවම් ද හිමිවේ. කොරෝනා ප්‍රවාහන ප්‍රතිපත්තියක් ද ගෙනවිත් බස් ගාස්තු 20%කින් වැඩි කෙරිණි. නමුත් මිනිසුන්ට මීටරයක් තියා සෙන්ටිමීරයක හෝ පරතරයක් නැත. ඔවුන්ට මීටරයක පරතරය තබා ගැනීමට දුම්රිය ඇතුළත ඉඩ මදිය.

ඡායාරූප – අසංක දේවප්‍රිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here