තම නැන්දම්මා, මස්සිනා ඇතුලු හිතවතුන් රැසක් විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට රගෙන ගිය බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා ඊයේ (15) කෝප් කමිටුවේ දී පිළිගත්තේය.
ඔහු මේ බව පිළිගත්තේ පසුගිය වසරට අදාලව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවක් ගැන කෝප් කමිටුව කරන ලද විමසීමක දී ය.
ශම්මි සිල්වා කියා සිටියේ විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙන ආකාරයට තම බිරිඳට ඕස්ට්‍රේලියාවට යාම සඳහා වීසා ලැබුණේ ලෝක කුසලාන තරඟාවලිය නිසා නොවන බවයි. ඇය ඊට පෙර ද ඕස්ට්‍රේලියාවේ සිටි නිසා වීසා ලැබුණු බව ඔහු කීවේය.
තරඟාවලියට තමන් ගෙන ගිය පිරිස ප්‍රකාශයට පත්කරන ලෙස දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ශම්මි ද සිල්වාට කියූ විට ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
“රොබට් සිල්වා කිය්නනේ මගේ මස්සිනා, ඩේසි ජෙනට් කිය්නනේ මගේ බිරිඳගේ මව, ශ්‍රීමාල් ගුණරත්න මගේ හිතවතෙක්, නිෂාදි පද්මසිරි කිය්නනේ එයාගේ බිරිඳ, සංජය සමරසිංහ කියන්නේ මගේ යාළුවෙක්, ආර්.ඒ ෂෙනුලා දිනුසිකා සහ සාරා දිනාලි කියන්නේ ඇමතිගේ දූලා, ඒ දෙන්නටම ලිපිය දුන්නේ මම, ඇමතිටත් ලිපියක් දුන්නා නමුත් ඒ වෙලාවේ දේශපාලකයන්ට ඒස්ට්‍රේලියාවේ වීසා දුන්නේ නෑ. සුදත් රෝහණ චන්දසේකරගේ නමට එනකල් ඉන්නවා.”
ලෝක කුසලානය නැරඹීමට ගිය අනුරාධා එදිරිසිංහ සහ ශලනි තාරකා යන නිළියන් දෙදෙනා නම් කළේ උප සභාපති ජයන්ත ධර්මදාස බව ද ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු කීහ.



