spot_img
spot_imgspot_img

ප්‍රමිතියක් නැති ඖෂධ ගෙන්වුවහොත්, සමාගම් අසාදු ලේඛනයට

පුවත්

විදෙස්

ප්‍රමිතියෙන් තොර ඖෂධ සපයන සියලු සමාගම් අසාදු ලේඛනගත කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

රජය වාර්ෂිකව රුපියල් බිලියන ගණනක් වැය කර ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ගෙන්වන ඖෂධ ප්‍රමිතියෙන් තොරනම් එය මිනිස් ජීවිත රැකගැනීමේ කාර්යයේ දී බරපතල ගැටලුවක් වන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එබැවින් ගුණාත්මක තත්වයෙන් ඉහළ ඖෂධ මෙරට ජනතාවට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම තමාට අවශ්‍ය බැවින් මින් ඉදිරියට ඖෂධවල මිල තිරණය කිරීම කමිටුවක් මගින් සිදුකළ යුතු බවටත් ඇමතිවරයා කියයි.

වසරකට රජය ඩොලර් මිලියන 500ක් පමණ ඖෂධ ගෙන්වීම සඳහා වැයකරන බැවින් අවශ්‍ය ඖෂධ නිසි ප්‍රමිතියෙන් යුතුව ශ්‍රී ලංකාවේ ම නිෂ්පාදනය කිරීම හොඳම විසඳුම බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!