බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙලෙස කොරෝනා ආසාදනය වූ තිදෙනාගෙන් දෙදෙනකුම පසුගිය 01 දා සහ 03 වැනි දා හිනිදුම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබූ සිරකරුවන් බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.