-2.5 C
New York

මහේලගේ පඩිය, රටට කිව්වා යැයි හිත රිදිලා

Published:

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වූ පුහුණුකරුවන්ගේ වැටුප ප්‍රචාරය කරමින් ජනතාවට වැරදි අදහස් ලබාදීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවත් ඒ නිසා සිත්තැවුලක් ඇති වූ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන අද (12) කීවේය.

එම වැටුප් ලැබෙන්නේ තම වෘත්තීය සුදුසුකම්වලට, අත්දැකීම්වලට සහ හැකියාවට බව කී මහේල කියා සිටියේ එම වැටුප ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණුකරුවන්කරුවන්ට ගෙවන වැටුප් සමඟ සන්සන්දය කිරීමේ දී මේ වැටුප්වල ගැටලුවක් නොමැති බවයි. ශ්‍රී ලංකාවට තමන් වෙනුවෙන් වෙනත් පුහුණුකරුවකු ලබාගැනීමට හැකි බව ද ඔහු කීවේය.

පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ අදහස් ප්‍රකාශ කරන පුද්ගලයන්ට එම අදහස් ක්‍රීඩා අමාත්‍යාංශයට හෝ පැමිණ ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටින බව කී මහේල ජයවර්ධන මහතා තමන් ශ්‍රී ලංකාවෙන් ලබන වැටුප වෙනත් රටකට සේවය සැපයුවේ නම් සති පහකින් ලබන වැටුපක් බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්ට, ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ගෙවන දීමනා සහ වැටුප් ගැන දැනගැනීමට ශ්‍රී ලංකා පුරවැසියන්ට අයිතිවාසිකමක් තිබේ

එය දැනගත්තා යැයි කියා මහේල ජයවර්ධන පසුතැවිලි වීම අනවශ්‍ය කාර්යයකි.

“මේවා ගැන අපේ වේතන ගැන, ප්‍රචාරය කළාට කමක් නෑ. නමුත් අපිට ලැබෙන්නේ ජාත්‍යන්තරව පිළිගත් වේතන. ඒ ගැන අපි ආඩම්බර වෙනවා. වෙන කවුරුහරි ඇවිත් මේක කරනවානම් ඒ අයට පඩි ගෙවනවානම් ඒකේ වැරැද්දක් මම දනින්නේ නෑ

Related articles

Recent articles

spot_img