spot_img
spot_imgspot_img

පලස්තීනයට පහරදීම නවත්වන්න යැයි “සමසමාජය” වෙතින් නිවේදනයක්

පුවත්

විදෙස්

අධිරාජ්‍යවාදීන්ගේ අරමුණු ජනතා ලෙයින් මුදුන්පත් කරගැනීමට ඉඩ නොතබමු

ගාසා තීරයේ වෙසෙන පලස්තීන සිවිල් ජනතාවට ප‍්‍රහාර එල්ල කිරිම සහ ජාත්‍යන්තරව පිළිගත් මානූෂීය මූලධර්ම උල්ලංඝණය කරමින් ගාසා තීරයේ කොටුවි සිටින ජනතාවට ආහාර, ජලය,ඖෂධ සහ ඉන්ධන ඇතුළු මූලික ජීවන අවශ්‍යතා ලබා ගැනිමට ඇති අයිතියට බාධා එල්ල කිරිම ඔස්සේ ඊශ‍්‍රායල් ආණ්ඩුව විසින් මහා ජන සංහාරයකට සූදානම් වන බවත්, ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී කඳවුරේ පූර්ණ ආශීර්වාදය, ආරක්ෂාව යටතේ සිදු කරන මෙම නිහින ක‍්‍රියාව වැලැක්වීමට පෙරමුණ ගැනීම ලොව පුරා වෙසෙන වැඩ කරන පන්තිය හමුවේ ඇති පැහැර හැරිය නොහැකි වගකීමක් බවත් ”සමසමාජය පුවත්පත” මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ මොහෙත වන විට ඊශ‍්‍රායලයට සහ ඔවුන්ගේ රැකවලූන් වන අධිරාජ්‍යවාදින්ට විරෝධය පල කරමින් පලස්තීන ජන සංහාරය වහා නතර කරන ලෙසට සහ නිදහස් පලස්තිනයට අත නොතබන ලෙසට  ලොව පුරා වෙසෙන වැඩ කරන ජනතාව උස්ව නගන හඬ මහා මාරුතයක්ව හමා එමින් තිබෙන බව පෙන්වා දෙන සමසමාජය පුවත්පත මෙම ආක‍්‍රමණයන්ට සැබෑ විසඳුම පවතින්නේ මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආධිපත්‍යයට එරෙහිව වැඩකරන පන්තියේ පාලනය තහවුරු කිරිම මගින් පමණක් බවද අවධාරණය කරයි.

සමසමාජය පුවත්පත සිය නිවේදනයේ මෙසේද මෙසේ කියා ඇත.

“ජාත්‍යන්තර ආධිපත්‍යය පිළිබඳ තරගයට මුහුණ දි සිටින මූල්‍ය ප‍්‍රාග්ධන බලවතුන් ස්වාභාවික සම්පත් කොල්ලකෑම සඳහා නිජභූමි සම්බන්ධ අරගල සහ විමුක්ති සටන් ව්‍යාපාර තම අභිමතාර්ථ වෙනුවෙන් යොදා ගැනීමට උපාය උපක‍්‍රම සකස් කර ගනිති. ඔවුන්ගේ අභිමතාර්ථය වන්නේ විශාල ජන ඝාතන මධ්‍යයේ හෝ තම අරමුණ කරා ගමන් කිරිමය. ධනවාදී කඳවුරේ පැවැත්මට අභියෝගයක් වන පීඩිත ජන කොටස් ලෝකයෙන් අතුගා දමන්නට වාර්ගික ගැටුම් ඇති කරමින්, ඒවා පෝෂණය කරමින්  කටයුතු කරන සියලූ අධිරාජ්‍යවාදි බලමුළු වලට සමසමාජය එරෙහි වන අතර තම වුවමණාවන් ජනතා ලෙයින් මුදුන්පත් කර ගැනිමට ගන්නා සියලූ උත්සාහයන් වහා අකුලා ගන්නා ලෙසට ලොවපුරා වෙසෙන වැඩකරන ජනතාව සමග එක්ව බලකර සිටිමු.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!