spot_img
spot_imgspot_img

ක්‍රිකට් පාලක මණ්ඩලය එළවීම ගැන, ජනපති රනිල් උරණ වෙලා

පුවත්

විදෙස්

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත්කර අතුරු කමිටුවක් පතිකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ක්‍රීඩා ඇමතිවරයාට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇතැයි වාර්තා‍ වේ.

එමෙන් ම අතුරු පාලක මණ්ඩලය පත්කිරීම සම්බන්ධ ගැසට් නිවේදනය ඉවත්කරගන්නා ලෙස ද ජනාධිපතිවරයා ඇමතිවරයාට පවසා ඇතත් ඔහු ඊට විරුද්ධ වී තිබේ.

ක්‍රීඩා ඇමතිවරයා පත්කළ අතුරු කමිටුව හේතුවෙන් ජාත්‍යන්තර බලපෑම් එල්ලවිය හැකි බවත් ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයාට පවසා ඇති අතර අධිකරණ නියෝගයක් ප්‍රකාශයට පත්වුවහොත් පත්වන තත්වය ගැන ද ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයාට කරුණු පැහැදිළි කර ඇතැයි ද වාර්තා වේ.

ගැසට් නිවේදනය නවැත හකුළා නොගන්නේ නම් ක්‍රීඩා නීතිය තමන් යටතට පවරා ගන්නා බව ජනාධිපතිවරයා පවසා ඇත. එහි දී අමාත්‍යවරයා කියා ඇත්තේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පමණක් තමන්ට අවශ්‍ය නොවන නිසා ක්‍රීඩා අමාත්‍යාංශයම පවරා ගන්නා ලෙසයි.

ඉන්පසු ක්‍රීඩා ඇමැතිවරයා පත් කළ ක්‍රිකට් අතුරු කමිටුව පිළිබඳ සෙවීමට කැබිනට් අනු කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි.

විදේශ කටයුතු ඇමැති අලි සබ්රි, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර හා කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර එම කිමිටුවේ සාමාජිකයෝ වෙති.

ක්‍රිකට් අතුරු කමිටුව ගැසට් කිරීම සහ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙම කමිටුවට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ තේරීම් කමිටුව සම්බන්ධයෙන් මේ වනවිට ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!