-2.5 C
New York

පොලිසියට නිල ඇඳුමේ ගෞරවය මතක් වී, අධිකරණයෙන් ඉවත් වෙයි

Published:

මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ඉදිරියේ තමන්ට දෝෂාරෝපණය කරන බව පවසමින් නුවරඑළිය පොලිස් කොට්ඨාස කිහිපයක පොලිස් නිලධාරීන් ඊයේ (06) අධිකරණ කටයුතුවලින් ඉවත්ව සිටියේය.

ඔවුන් පවසන්නේ මහේස්ත්‍රාත්වරිය පොලිස් නිලධාරීන්ට අපහාසවන ආකාරයෙන් කටයුතු කරන බවයි.

මෙය මාස කිහිපයක සිට සිදුවන බැවින්, තම නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත් බව පොලිස් නිලධාරීහු කියති.

ඒ්‍ අනුව අධිකරණ කටයුතු සිදුවෙමින් පැවති අවස්ථාවේදීම පෙරවරු 11.30ට පමණ නිලධාරීන් සිය අධිකරණ කටයුතුවලින් ඉවත්ව ඇත.

ඩයගම, ආගරපතන, තලවකැලේ, ලිඳුල, නානුඔය, පට්ටිපොළ, කඳපොළ යන පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් සහ සෙසු පොලිස් නිලධාරීන් මෙසේ රාජකාරි කටයුතුවලින් ඉවත් වී ඇති මාධ්‍යවේදීහු කියති.

Related articles

Recent articles

spot_img