-1 C
New York

වේයන්ගොඩට දැඩි හානි

Published:

වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ අද (06) සවස ඇති වූ දැඩි සුළං තත්වයක් හේතුවෙන් නිවාස 25කට පමණ හානි සිදුව ඇතැයි මීරිගම ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් ඉන්දික පවසයි.

වර්ෂාව සමඟ මෙම සුළං තත්වය ඇති වී තිබේ.

මේ හේතුවෙන් නිවාස රැසක වහළ ගසාගෙන ගොස් ඇති අතර ගස් කඩා වැටීමෙන් ද නිවාසවලට හානි සිදුව ඇත.

ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ සිදුව ඇති අලාභහානි පිළිබඳ වාර්තා ලබාගනිමින් පවතින බවයි. එමෙන් ම පීඩාවට පත් වූ ජනතාවට සහන සැළසීමට ද ‍මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

Related articles

Recent articles

spot_img