spot_img
spot_imgspot_img

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ‘බැසිල්’ ?

පුවත්

විදෙස්

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා බැසිල් රාජපක්ෂට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්න යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් දැනුම් දී ඇතැයි “ඉරිදා දිවයින” පුවත්පත වාර්තා කරයි.

අනෙක් පක්ෂ බොහොමයක් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ සඳහන් කරමින් දැනටමත් ඡන්ද මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති අවස්ථාවක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සඳහන් නොකිරීම අවාසිසහගත තත්වයක් බව ද බැසිල් රාජපක්ෂට දැනුම් දී ඇතැයි එම පුවත්පත පවසයි.

එම පුවත්පත සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා බවට පත්කළේ වියත්මග වැනි සංවිධානවල ඉල්ලීම මත වුව ද මහින්ද රාජපක්ෂ ඊට පෙර අවස්ථා තුනක දී ම බැසිල් රාජපක්ෂගෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්න යැයි ඉල්ලා තිබූ බවයි.

පරිණත දේශපාලනඥයකු ලෙසත්, හිටපු ආර්ථික සංවර්ධන හා මුදල් අමාත්‍යවරයා ලෙසත් බැසිල් රාජපක්ෂ විසින් ඉටුකර ඇති කාර්යභාරය සළකා බැලූ විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ හැකි සුදුසුම අපෙක්ෂකයා බැසිල් රාජපක්ෂයැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් ද සඳහන් කර ඇතැයි දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!