-2.5 C
New York

ළමා නිවාසයේ ළමයි 26යි, අක්‍රමිකතා ගැන නඩු 35ක්. ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ වසර ‍දෙකකින්

Published:

රජය විසින් පවත්වාගෙන යන ළමා නිවාසයක ඇති ගැටලු පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇසූ විට ඊට පිළිතුරු ලබාදෙන්නේ වසර දෙකකට පසුව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර චෝදනා එල්ල කළේය.

ඔහු මේ චෝදනාව එල්ල කළේ අනුරාධපුර නගරයේ “අවන්ති දේවි” නමින් පවත්වාගෙන යන කාන්තා ළමා නිවාසය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නවලට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ විසින් පිළිිතුරු දුන් අවස්ථාවේ දී ය.

අමාත්‍යවරිය කියා සිටියේ මෙම ළමා නිවාසයේ ගැහැනු ළමුන් 26 දෙනකු සිටින බවයි. ළමුන් 26 දෙනකු සිටින ළමා නිවාසයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් නඩු 35කට වැඩි ප්‍රමාණයක් පවතින බව ද අමාත්‍යවරිය පිළිගත්තාය. ඒ අතර ළමයින් අපචාරයේ යෙදවීම සම්බන්ධ නඩු කිහිපයක් ද පවතී.

අමාත්‍යවරිය කියා සිටියේ හිටපු පාලකවරයා සිය දිවි නසාගත් බැවින් නව පාලක මණ්ඩලයක් සහ පාලිකාවක් යටතේ එය පවත්වාගෙන යන බවයි.

රාජ්‍ය ආමත්‍ය ගීතා කුමාරසිංහ වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“මේ ළමා නිවාසය උතුරු මැද පළාත් සභාවට අයිති ආයතනයක් වුණත් අමාත්‍යාංශයේ විශේෂ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනවා. එහි අකටයුතුකම් ගැන සොයා ලනවා. නඩු පවරමින් නඩුවලට ඉදිරිපත් වෙමින් කටයුතු කරනවා. ළමා නිවාසයේ ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකර තිබෙනවා. එය මේ මොහොතේ වුණත් නිරීක්ෂණය කරන්න පුළුවන්. ළමා නිවාසයේ සිදුවන්නේ කුමක්ද කියා මේ වෙලාවෙත් බලන්න හැකියි. ඒ ළමයි 26 දෙනා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.”

නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරිය ළමා නිවාසය ගැන දැනුම්වත්ව නැති බවයි. මේ වනවිට එම ළමා නිවාසයේ අලුත්වැඩියා කටයුත්තක් නිසා ළමයින් එම ස්ථානයෙන් ඉවත්කර ඇති බවත් කැමරාවලින් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නොමැති බවත් ඔහු කියා සිටියේය.

“මේ ළමා නිවාසයේ ගැටලුවක් ඇතිවුණා. එදා මම මේ ප්‍රශ්න පාර්ලිමේන්තුවට යොමු කරා. අද වෙනකොට ඒකට අවුරුදු දෙකක් ගතවීමට ආසන්නයි. ඒ ළමා නිවාසය වසා දමන තත්වයකට පත්වෙලා තියෙනවා. මේවා ගැන මම වැඩිදුරටත් අහන්නේ නෑ.” යනුවෙන් වසන්ත මණ්ඩාර මන්ත්‍රීවරයා කීවේය.  

Related articles

Recent articles

spot_img