spot_img
spot_imgspot_img

ලෝක කුසලානය දිනන්නේ කවුද ? ශ්‍රී ලංකාවටත් තවමත් අවස්ථාවක්

පුවත්

විදෙස්

ලෝක කුසාලාන තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ ස්ථානයක් අපරාජිත ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව විසින් දැටනමත් වෙන්කරගෙන ඇතත් අනෙක් ස්ථාන දෙක තවමත් විවෘතව තිබීම හේතුවෙන් තරඟාවලිය තවදුරටත් දැඩි උණුසුම්කාරී තත්වයකට පත්ව ඇත.

මේ අතරින් පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර එම ස්ථාන දෙක සඳහා දැඩි තරඟයක් නිර්මාණය වී තිබේ. නවසීලන්තය සහ පාකිස්තානය සමඟ පැවැති තරඟයේ දී නවසීලන්තය ලකුණු 401ක් ලබාගෙන සිටිය ද වැස්සත් සමඟ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පකිස්තානය තරඟය ජයගැනීම හේතුවෙන් මෙම තත්වය වඩාත් තීරණාත්මක වී තිබේ.

ප්‍රසාද ලකුණු සටහනේ මේ වනවිට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඉහළින්ම සිටින නමුත් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අභිබවා යාමට කණ්ඩායම් කිහිපයකට තවමත් හැකියාව ඇති බව තරඟාවලියේ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී සනාථ වෙයි.

ඉන්දියාව

ජයග්‍රහණ 7, පරාජ 0 ශුද්ධ ලකුණු වේගය +2.102

ඉතිරිව ඇති තරඟ – දකුණු අප්‍රිකාව සමඟ (11/05) සහ නෙදර්ලන්තය සමඟ (11/12)

දැනටමත් සුපිරි 04 වටයට සුදුසුකම් ලබා ඇත.

දකුණු අප්‍රිකාව

ජයග්‍රහණ 6, පරාජ 1 ශුද්ධ ලකුණු වේගය +2.290

ඉතිරිව ඇති තරඟ – ඉන්දියාව සමඟ (11/05) සහ ඇෆ්ගනිස්තානය සමඟ (11/10)

දැනටමත් සුපිරි 04 වටයට සුදුසුකම් ලබා ඇත.

ඕස්ට්‍රේලියාව

ජයග්‍රහණ 5, පරාජ 2 ශුද්ධ ලකුණු වේගය +0.924

ඉතිරිව ඇති තරඟ – ඇෆ්ගනිස්තානය සමඟ (11/07) සහ බංග්ලාදේශය සමඟ (11/11)

ඉතිරි තරඟ දෙකම ජයග්‍රහණය කළහොත් ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 14ක් ලබා සුපිරි 04 දෙනාගේ වටයේ ස්ථානයක් පහසුවෙන් ම වෙන්කරගත හැකියි.

ඉතිරි තරඟ දෙකින් එකක් පමණක් ජයගහණය කරගත්ත ද ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 12ක් ලබාගෙන සුදුසුකම් ලැබීමේ හැකියාව පවතී.

ඉතිරි තරඟ දෙකම පරාජය වී ලකුණු ප්‍රසාද ලකුණු 10ක් පමණක් ලැබුවහොත්, අවම වශයෙන් අනෙක් කණ්ඩායම් දෙකකට (නවසීලන්තය, ඇෆ්ගනිස්තානය සහ පකිස්තානයට) වඩා හොඳ ශුද්ධ ලකුණු වේගයක් පවත්වාගෙන යාමට සිදුවෙයි.

නවසීලන්තය

ජයග්‍රහණ 4, පරාජ 4 ශුද්ධ ලකුණු වේගය +0.398

ඉතිරිව ඇති තරඟ – ශ්‍රී ලංකාව සමඟ (11/09)

සුපිරි 04 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟය ජයග්‍රහණය කර අවම වශයෙන් ප්‍රසාද ලකුණු 10ක් ලබාගත යුතුය. එමෙන්ම අනෙක් කණ්ඩායම්වලින් එකකට වඩා හොඳ ශුද්ධ ලකුණු වේගයක් ලබා තිබිය යුතුය.

ශ්‍රී ලංකාව සමඟ තරඟය පරාජය වුවහොත් ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 08ක් ලබා සිටින සියලු කණ්ඩායම්වලට වඩා වැඩි ශුද්ධ ලකුණු වේගයක් ලබා සිටිය යුතුය.

පකිස්තානය

ජයග්‍රහණ 4, පරාජ 4 ශුද්ධ ලකුණු වේගය +0.036

ඉතිරිව ඇති තරඟ – එංගලන්තය සමඟ (11/11)

සුපිරි 04 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට නම් එංගලන්තය සමඟ තරඟය ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 10 සම්පූර්ණ කළ යුතුයි. එමෙන් ම අනෙක් කණ්ඩායම් අතරින් (ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය) ට වඩා හොඳ ශුද්ධ ලකුණු වේගයක් පවත්වාගෙන යා යුතුය.

එංගලන්තය සමඟ පැවැත්වෙන තරඟය පකිස්තානය පරාජයට පත්වුවහොත් ඔවුන්ට ලකුණු 08ක් පමණක් සිදුවන බැවින් ලකුණු 08ක් ලබා සිටින කණ්ඩායම් සියල්ලටම වඩා වැඩි ශුද්ධ ලකුණු වේගයක් පවත්වාගෙන යාමට සිදුවෙයි.

ඇෆ්ගනිස්තානය

ජයග්‍රහණ 4, පරාජ 3 ශුද්ධ ලකුණු වේගය -0.330

ඉතිරිව ඇති තරඟ – ඕස්ට්‍රේලියාව සමඟ (11/07) සහ දකුණු අප්‍රිකාව සමඟ (11/10)

ඉතිරි තරඟ දෙකම ජයගැනීමට හැකිවුවහොත්, ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 12ක් හිමිවන බැවින් සුපිරි 04 දෙනාගේ වටයේ ස්ථානයක් හිමිකරගැනීමට හැකියාව පවතී.

ඉතිරි තරඟ දෙකෙන් එක්ක පමනක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 10ක් පමණක් ලැබුවහොත් ශුද්ධ ලකුණු වේගය අනුව අනෙක් කණ්ඩායම් අතරින් දෙකකට (ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පකිස්තාන) වඩා ඉදිරියෙන් සිටිය යුතු වෙයි.

ශ්‍රී ලංකාව

ජයග්‍රහණ 2, පරාජ 4 ශුද්ධ ලකුණු වේගය -1.162

ඉතිරිව ඇති තරඟ – බංග්ලාදේශය සමඟ (11/06) සහ නවසීලන්තය සමඟ (11/09)

ඉතිරි තරඟ දෙකම ජයග්‍රහණය කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වන අතර එවිට ලබාගත හැකි උපරිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 08කි. එමෙන් ම නවසීලන්තය, පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ ඉතිරි තරඟ සියල්ල පරාජයට පත්වුවහොත් එවිට ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 08ක් ලබා සිටින අනෙක් කණ්ඩායම්වලට වඩා ඉහළ ශුද්ධ ලකුණු වේගයක් ලබා සිටිය යුතුය. නමුත් දැනටමත් ලබා ඇති ශුද්ධ ලකුණු වේගය සෘණ 01ටත් වඩා අඩු බැවින් මෙය ඉතාමත් අසීරු ඉලක්කයකි.

නෙදර්ලන්තය

ජයග්‍රහණ 2, පරාජ 5 ශුද්ධ ලකුණු වේගය -1.398

ඉතිරිව ඇති තරඟ – එංගලන්තය සමඟ (11/08) සහ ඉන්දියාව සමඟ (11/12)

ඉතිරිව ඇති තරඟ දෙක ම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 08කින් අවසන් කළ හැකි අතර නවසීලන්තය, පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ ඉතිරි තරඟ පරාජයට පත් විය යුතුය. ඉන් පසු ප්‍රසාද ලකුණු 08ක් ලබා ගන්නා අනෙක් සියලු කණ්ඩායම්වලට වඩා ශුද්ධ ලකුණු වේගයෙන් ඉදිරියෙන් සිටිය යුතුය. නමුත් මෙය ඉතාමත් අසීරු ඉලක්කයකි.

බංග්ලාදේශය

ජයග්‍රහණ 1, පරාජ 6 ශුද්ධ ලකුණු වේගය -1.446

ඉතිරිව ඇති තරඟ – ශ්‍රී ලංකාව සමඟ (11/06) සහ ඔස්ට්‍රේලියාව සමඟ (11/11)

සුපිරි 04 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබීමට මේ වනවිට කිසිම හැකියාවක් නොමැති කණ්ඩායමකි

එංගලන්තය

ජයග්‍රහණ 1, පරාජ 6 ශුද්ධ ලකුණු වේගය -1.504

ඉතිරිව ඇති තරඟ – නෙදර්ලන්තය සමඟ (11/08) සහ පකිස්තානය සමඟ (11/11)

සුපිරි 04 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට කිසිසේත්ම හැකියාවක් නොමැත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!