spot_img
spot_imgspot_img

පිටිදූවේ සිරිධම්ම, මල්වතු පාර්ශවයට අවනත වෙයි ?

පුවත්

විදෙස්

භික්ෂුවක් ලෙස පෙනී සිටිමින්, තමන් ද බුදු වී ඇතැයි පවසන සිරි සමන්තභද්‍ර හෙවත් කලකට ඉහත පිටිදූවේ සිරිධම්ම බුද්ධ චරිතයත්, ත්‍රිපිටක ධර්මයත් විකෘති කරමින් අනාර්ථ දේශන සිදුකරන බැවින් එයින් වළකින්න යැයි තරයේ අවවාද කළ බව මල්වතු පාර්ශවය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේය.

මේ බව කියා සිටියේ මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල හිමි විසිනි. ඒ හිමියන් කියා සිටියේ එම කටයුතුවලින් වළකින්න යැයි මල්වතු පාර්ශවයේ මහා නායක ප්‍රමුඛ කාකර සංඝ සභාව සිරි සමන්තභද්‍ර හෙවත් පිටිදූවේ සිරිධම්මට දැඩි ලෙස අවවාද කළ බවයි.

පිටිදූවේ සිරිධම්ම මල්වතු මහනායක සහ සානු නායක කාරක සංඝ සභාව හමුවට ඊයේ (31) කැඳවා ත්‍රිපිටක ධර්මය සහ බුද්ධ චරිතය විකෘත්ති කරමින් සිදුකරන දේශනා නතර කරන්න යැයි අවවාද කිරීම් කළ බව ශ්‍රී සුමංගල හිමි කීවේය. එලෙස කැඳවූ අවස්ථාවේ දී පිටිදූවේ සිරිධම්ම මල්වතු මහ නායක ඇතුළු  කාරක සංඝ සභාව ඉදිරියේ ප්‍රකාශයක් සිදුකරමින් පසුගිය කාලයේ සිදු කළ දේශනා චේතාන්විතව සිදුකළ ප්‍රකාශයන් නොවන බවත් ඒ හේතුවෙන් සමස්ත බෞද්ධ ජනතාවට සිදු වූ චිත්ත පීඩාවන් වෙනුවෙන් මල්වතු මහනායක ප්‍රමුඛ කාරක සංඝ සභාවේ පාද නමස්කාර කොට සමාව ගන්නා බවත් මහා විහාර සම්ප්‍රදායන්ට පරිබාහිරව කිසිදු ධර්ම විග්‍රහයක් ඉදිරිපත් නොකරන බවට ද ප්‍රතිඥා දුන් බව ලේඛකාධිකාරී හිමි කීවේය.

පිටිදූවේ සිරිධම්ම හෙවත් වර්තමානයේ සිරි සම්න්ත්‍රභද්‍ර ලෙස පෙනී සිටින තැනැත්තා ගාල්ල, පිටිදූව ප්‍රදේශයේ උපත ලැබූ අයකු වන අතර රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා කැළණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබාගැනීමෙන් අනතුරුව පැවිදි වූ අයෙකි.

ත්‍රිපිටකයේ සඳහන් කරුණු බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය යැයි විශ්වාසයක් පැවතිය ද එය මුල්වරට ග්‍රන්ථාරූඪ කරන ලද්දේ වළගම්බා රජ දවස මාතලේ අලුවිහාරයේ දී ය. එතෙක් එම කරුණු මුඛ පරම්පරාවෙන් පැවත එන ලදී. විද්‍යාව හොඳින් හැදෑරූ සිරිධම්ම ත්‍රිපිටකයේ සහ බුදු දහමේ සඳහන් අවිද්‍යාත්මක කරුණු වෙත දැඩි විවේචනයක් එල්ල කරන අයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත.

අනෙකුත් භික්ෂූන් වහන්සේලා අදින් වසර 2,600කට පමණ පෙරාතුව දේශනා කළා යැයි කියන ධර්මයෙහි සඳන් සියලු අවිද්‍යාත්මක කරුණු තරයේ විශ්වාස කරන අතර ඒවා විවේචනය කිරීම හෝ ඒ පිළිබඳ සංවාදයේ යෙදීමට හෝ ඉඩ දෙන්නේ නැත.

1 COMMENT

  1. තාමත් ලංකාවේ මිනිස්සු ගෝත්‍රිකයන් කරගෙන ,වහල්ලු කරගෙන මේ රට විනාශ කරන්න දේශපාලුවොන්ට උදව්කරන්නේ බුද්ධ දර්ශනය වසන්කරන්න හදන මේ චීවරධාරී වෘත්තීය බමුණෝ ටික තමයි…. බුදුන් කාලාම සූත්‍රය තුල කරන්න කිව්ව ඒවා මේකුන් එපා කියලා කියනවනේ…. මෙවුන්ට ඉස්සර බුද්ධ කාලයේ කිව්වේ බමුණෝ කියලා…..මිනිස්සු බුද්ධිමත් වෙනවාට දාර්ශනික වෙනවාට මුන් බයයි…. සිරිධම්මගෙත් බයිලා…පොරත් ලෞකික සැපට ආපහු ඇලවෙලා….. අනේ පොරගේත් කයිය විතරයි…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!