-0.7 C
New York

තෙල් මිල මෙන්න

Published:

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල පහත දමමින් සහ අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ඉහළ දමමින් තෙල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9.00කින් පහත දමා ඇත. එසේම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5.00කින් ඉහළ දමා ඇති අතර ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10.00කින් ඉහළ දමා ඇත. භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 7.00කින් වැඩිකර තිබේ. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3.00කින් ඉහළ දමා ඇත.

ඒ අනුව නව ඉන්ධන මිල පහත දැක්වෙයි.

ඔක්ටේන් 92 ඉන්ධන ලීටරයක මිල රුපියල් 356.00කි.

ඔත්ටේන් 95 ඉන්ධන ලීටරයක මිල රුපියල් 423.00කි.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 356.00කි

ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 431.00කි

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 249.00කි.

මේ මිල සංශෝධනයත් සමඟ චීනයේ සයිනොපෙක් සමාගමේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිපෙට්කෝ සමාගම අළෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල සමාන වෙයි.

Related articles

Recent articles

spot_img