නිවසක පැවැති මතක බණ දේශනයක් සඳහා පැමිණි ආරණ්‍යවාසී භික්ෂුවකට, එම නිවැසියන් දායකත්වය දරණ විහාරස්ථානයේ හිමියන් ඇතුළු පිරිසක් රිමාන්ඩ් කිරීමට කටයුතු කර තිබේ.
මෙම සිදුවීම වූයේ කැබිතිගොල්ලෑව, කුරුළුගම ප්‍රදේශයේ දී ය.
එම ගම්මානයේ නිවසක මරණයක් සිදු වී ඇති අතර හත් දවසේ මතක බණ සඳහා වැඩම කරන ලෙස ගුරුළුගම රජමහා විහාරයේ හිමියන්ට ආරාධනා කළ විට ඒ සඳහා රුපියල් 45,000.00ක් ගෙවිය යුතු බව පවසා තිබිණි.
දායක සභාවේ ගාස්තු ලෙස රුපියල් 15,900.00ක්, දායක සභාවේ සාමාජික ගාස්තුව ලෙස රුපියල් 1,500.00ක්, ශ්‍රමදානයක් සඳහා නොපැමිණීම හේතුවෙන් රුපියල් 3,000.00ක් මාසික ගාසුත් සහ කොටස් මුදල් ද මෙයට ඇතුළත් ය.
මෙම මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ අදාළ නිවසේ පුද්ගලයා ධර්ම දේශනය සඳහා ආරණ්‍යවාසී භික්ෂුවක් නිවසට කැඳවාගෙන පැමිණ ඇත.
එම අවස්ථාවේ නිවසට කඩා වැදුණු ගුරුළුගම රජමහා විහාරයේ හිමියන් සහ දායක පිරිසක් ආගන්තුක භික්ෂුවටත් පහර දී ඇති අතර එය වැළැක්වීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ට ද පහර දී ඔවුන් පැමිණි යතුරුපැදියට දපැහැරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
පැහැරගත් පොලිස් යතුරුපැදිය පසුව ගුරුළුගම විහාරස්ථානයේ ආවාස ගේ ඇතුළත තිබී සොයාගෙන ඇත.
පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
(ඡායාරූපය මේ සිද්ධියට අදාළ නැත)