2.5 C
New York

ගුරු දඩයමට, ආණ්ඩුව සැරසෙයි ?

Published:

ගුරුවරුන් පාලනය කිරීම සඳහා හැකියාව ලැබෙන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අංක 37/2023 දරණ චක්‍රලේඛයක් පසුගිය 26 වැනි දා නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 24 වැනි වගන්තිය මගින් ගුරුවරුන්ගේ නිවාඩු සම්බන්ධයෙන් ඇති විධිවිධානවලට අමතරව මෙම උපදෙස් සපයමින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිිබේ.

එහි පළමු කරුණෙහි දැක්වෙන්නේ නියමිත බලධාරියාගේ පූර්ව අනුමැතියකින් තොරව නිවාඩු ලබාගන්නේ නම් සහ සාධාරණ කාල පරිච්ඡේදයක් තුළ ඒ පිළිබඳ දැනුම් දීමක් නොකරන්නේ නම් කලාප අධ්‍යාපන අධයක්ෂට අවශ්‍ය වූ අවස්ථාවක සේවය අතහැරයාමේ නියෝගයක් නිකුත් කිරීමට හැකිවන ආකාරයෙන් එම ගුරුවරයා පිළිබඳ සම්පූර්ණ විස්තර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතුයැයි එහි දැක්වේ.

Related articles

Recent articles

spot_img