මෙරට කොරෝනා මරණ 48 දක්වා ඉහළ යයි

0
158

කොරෝනා හේතුවෙන් මියගිය තවත් දෙදෙනකු පිළිබඳ තොරතුරු අද (12) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබේ.

එම නිවේදනයට අනුව කොළඹ 12 පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයකු මුල්ලේරියාව මූලික රෝලේ දී මියගොස් තිබේ. කොරෝනා ආසාදනය සමඟ ඔහුට නිදන්ගත පෙනහළු රෝගයක් තිබූ බව ද පැවසේ

මීගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයකු මියගොස් ඇති අනෙක් තැනැත්තාය. හෙතෙම නියුමෝනියාව සමඟ ද්විතීකි බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් මරණයට පත්ව ඇති බව ප්‍රවෘත්ති නිවේදනයේ දැක්වේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here