-1.6 C
New York

චීන පර්යේෂණ නැව සමඟ NARA එක්වෙයි

Published:

ශ්‍රී ලංකාවට  පැමිණි “Shi Yan 6” නමැති චීන පර්යේෂණ නෞකාව විසින් සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා අද (29) සිට ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (NARA) එක්වීමට නියමිතය.

නාරා ආයතනයේ නිලධාරීන් හතර දෙනකු සහ නාවික හමුදා නිලධාරීන් දෙදෙනකු එම පර්යේෂණ කටයුතු සඳහා එක්වෙයි.

මෙම නෞකාව පසුගිය 25 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔවුන්ට පර්යේෂණ කටයුතු සඳහා අවසර දී නොතිබිණි. පසුව දින දෙකක පර්යේෂණ කටයුතු සඳහා අවසර ලබා දී ඇත.

ඒ අනුව, හෙට (30) සහ අනිද්දා (31) යන දෙදින තුළ මෙරට මුහුදු සීමාවේ බටහිර ප්‍රදේශයේ අදාළ නෞකාව සමග පරීක්ෂණ කටයුතුවල නිරත වන බව නාරා ආයතනය සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img