-2.5 C
New York

ඇමෙරිකා තානාපති මහ බැංකු අධිපති හමුවෙයි

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ එකඟතාව ලබාගැනීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාට සුබ පැතූ බව ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියාය.

ඇය ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණ එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හමුවී සාකච්ඡා කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද ඒ සමඟ පළකර තිබිණි.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගත හැකියාව ලැබෙතැයි ද පවසන ඇය මෙරට ණය ප්‍රතිව්‍යුහගත කරන විට සියලුම ණයහිමි පාර්ශ්වයන්ට එකසේ සැලකීම වැදගත් බව ද පෙන්වා දී ඇත.

එමෙන්ම ඇය වැඩිදුරටත් පවසන්නේ ඊට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම වැදගත් බවයි.

Related articles

Recent articles

spot_img