spot_img
spot_imgspot_img

ගාල්ල අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් දෙයි. “උද්ඝෝෂණය කිරීම පූජනීය අයිතියක්”

පුවත්

විදෙස්

දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට ඊයේ (23) උද්ඝෝෂණයේ යෙදෙමින් අපරාධමය වරදක් කර ඇතැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට නියෝග කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර උද්ඝෝෂණය කිරීම මහජනතාවගේ පූජනීය අයිතියක් බවත්, පොලිසිය ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් පවසමින් පොලිස් නිලධාරීන්ට අවවාද කළේය.

මෙලෙස මුදාහරින ලද්දේ ජන අරගල වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී සාමාජිකයන් දෙදෙනකු වන ධම්මික නයන කුමාර (28) සහ මේනක වික්‍රමානයක (33) යන දෙදෙනෙකි.

ගාල්ල මහ නගර සභාවේ රැකියාව ස්ථිර කර දෙන ලෙස ඉල්ලා එම පිරිස ඊයේ උද්ඝෝෂණයක නිරත වූ අතර එම උද්ඝෝෂණයට පොලිසියට පහර දී විසුරුවා හැරීමට කටයුතු කළේය.

ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (23) ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ නීති විරෝධී රැස්වීම, අයුතු ජන රාශියක සාමාජිකයන් වීම, පොලිස් නිලධාරීන්තේ රාජකාරියට බාධා කර තුවාල සිදුකිරීම, සාපරාධී බලහත්කාරය, අයතු ඇතුළුවීම, අනර්ථය යන චෝදනා රැසක් යටතේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (24) ඉදිරිපත් කර තිබිණි.

එහි දී තුවාල සිදු වූ පොලිස් නිලධාරීන්ට සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමුකරන ලෙසත්, පරීක්සණ අවසන්ව නොමැති බැවින් සැකකරුවන් ඔවුන් රිමාන්ඩ් කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටින ලදී.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් මෙම සැකකරුවන් සාමකාමී උද්ඝෝෂණයක් සිදුකිරීමේ දී ඔවුන්ට පොලිසිය විසින් දැඩි ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර ඇති බවත්, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් පැවති උද්ඝෝෂණයක් වුවත් පොලිසිය එම අයිතිවාසිකම් නොතකා කටයුතු කර ඇති බවත් කියා සිටින ලදී.

සියලු කරුණනු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා,  උද්ඝෝෂණය කිරීම මහජනතාවගේ පූජනිය අයිතිවාසිකමක් බවත්, මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අධිකරණය සෑම විටම බැඳී සිටින බවත් කියා සිටියේය. ඒ අනුව ගාල්ල අධිකරණ කලාපය තුළ ඕනෑම සාමකාමී උද්ඝෝෂණයකට පොලිසිය විසින් පහර දීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නොකළ යුතු බවත්, මින් ඉදිරියට එවැනි සිදුවීම් වුවහොත්, අදාළ පොලිස් නිලධාරීන් සම්බන්ධව දැඩිව ක්‍රියාකරන බවටත්, අවවාද කරමින් සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් බැගින් මුදාහැරීමට නියෝග කළේය.

සැකකරුවන් උද්ඝෝෂණය කළ බව පිළිගන්නා බැවින් හඳුනාගැනීමේ පෙරට්ටුව ද අවලංංගු කළේය.

තවදුරටත් මහේස්ත්‍රාත්තුමා විසින් දැනුම් දෙන ලද්දේ, මහජනතාව‍ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට පාලකයන්ට හෝ පොලිසියට හැකියාවක් නොමැති බවත්, මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අධිකරණ සෑම විටම කැපවී කටයුතු කරන බවත්ය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ජෝතිරත්න කදිරහෙට්ටිආරච්චි, ප්‍රසිත වල්ගම, ගෝපිකා ලොකුගේ, අජිත් කුමාර, රජින්ද්‍ර නාරංගොඩ සහ පිනිපා ගොඩගේ පෙනී සිටියහ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!